ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සහ තිරසර සංවර්ධන ඉලක්ක ඔස්සේ ශ්‍රී ලංකාව පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා කැප වන නායකයෙක්.

අපගේ දේශය සුවිශේෂ සන්ධිස්ථානයක් අභිමුව සිටින මේ මොහොතේ, සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම ජාති ආගම් පන්ති භේද ඉක්මවා යන්නකි.

එකමුතුකම හා සමානාත්මතාව අගයන ඔහුගේ විශ්වාසය වන්නේ, සෑම පුරවැසියෙකුට ම ආර්ථික හා සමාජීය වශයෙන් දියුණුව ළඟා කර ගැනීම සඳහා අවස්ථා නො-අඩුව හිමි වන අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප සියල්ලන් දායක විය යුතු බවයි.


සුළුතරයකගේ වුවමනා එපාකම් වෙනුවෙන් සකස් කරන ලද ප්‍රතිපත්ති, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් වී තිබේ. මෙබඳු ප්‍රතිපත්ති මගින් සමාජය තුළ නිර්මාණය කර ඇති අසමානතා සුළුපටු නැත.

සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වන්නේ, පවතින ක්‍රමය සිය වාසියට හරවා ගත් අවස්ථාවාදීන්ගේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමය.

ඔහු පෙනී සිටින්නේ, සමානාත්මතාව තහවුරු කරමින්‍, සියලු ම දෙනාගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින්, සෞභාග්‍යය සහතික කරන‍, සියල්ලන්ගේ ම අදහස්වලට ඉඩකඩ හිමි කර දෙන දැක්මක් වෙනුවෙනි.


විවෘත සංවාදය, ගෞරවාන්විත විසම්මුතිය සහ අදහස් හුවමාරු කර ගැනීම‍, රට තුළ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අත්‍යවශ්‍ය සාධක බව සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වේ.

එමගින් සියලු ම දෙනාගේ අදහස්වලට  ඉඩකඩ ලැබෙන අතර, මෙය එකමුතුභාවයේ හා සාමූහිකත්වයේ හැඟීම් කුළු ගන්වන ප්‍රවේශයක් වේ.


පොදු ඉලක්ක, අරමුණු හා වටිනාකම් ඔස්සේ අප එකමුතු කරන අනන්‍යතාවක් නිර්මාණය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා කැප වී සිටී.

කවර තරාතිරමකට අයත් වුව ද ඕනෑ ම අයෙකුට මේ දේශයේ පුරවැසියෙකු වීම ආඩම්බරයක් ජනිත කරන පොදු හැඟීමක් විය යුතු බවත්‍, තම උපන් බිමේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීමට තමන්ට හැකියාව ඇති බවට ඔවුන් තුළ ආත්ම විශ්වාසයක්  වර්ධනය විය යුතු බවත් ඔහුගේ අදහසයි.


සැමට සම අවස්ථා හිමි වන දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් ඔබත් සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල් බැඳ ගන්න. අපි සැවොම එක් වී සැමට ජය හිමි වන ශ්‍රී ලංකාවක් ගොඩ නඟමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න