LOADING...

සැමට ජයක්
සමගි රටක්

සැමට ජයක්
​සමගි රටක්

සැමට හිතකර ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමේ මෙහෙවර වෙනුවෙන් කැප වුණු සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු

සැමට හිතකර ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමේ මෙහෙවර වෙනුවෙන් කැප වුණු සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු.

ප්‍රගතිශීලී ප්‍රතිපත්ති සහ තිරසර සංවර්ධන ඉලක්ක ඔස්සේ ශ්‍රී ලංකාව පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා කැප වන නායකයෙක්.

අපගේ දේශය සුවිශේෂ සන්ධිස්ථානයක් අබිමුව සිටින මේ මොහොතේ, සජිත් ප්‍රේමදාස මහතාගේ දැක්ම ජාති ආගම් පන්ති භේද ඉක්මවා යන්නකි. එකමුතුබව හා සමානාත්මතාව අගයමින් එක් අරමුණක් වෙනුවෙන්ම කැප වී සිටින ඔහුගේ විශ්වාසය වන්නේ, සෑම පුරවැසියෙකුට ම ආර්ථික හා සමාජීය වශයෙන් දියුණුව ළඟා කර ගැනීම සඳහා අවස්ථා නො-අඩුව හිමි වන අනාගතයක් නිර්මාණය කිරීම උදෙසා අප සියල්ලන් දායක විය යුතු බවයි.


සුළුතරයකගේ වුවමනා එපාකම් වෙනුවෙන් සකස් කරන ලද ප්‍රතිපත්ති, දීර්ඝ කාලයක පටන් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට බාධාවක් වී තිබේ. මෙබඳු ප්‍රතිපත්ති මගින් සමාජයේ නිර්මාණය කර ඇති අසමානතා සුළුපටු නැත. සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වන්නේ, පවතින ක්‍රමය සිය වාසියට හරවා ගත් අවස්ථාවාදීන්ගේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීම ය. ඔහු පෙනී සිටින්නේ, සමානාත්මතාව තහවුරු කරමින්‍, සියලු ම දෙනාගේ ජීවන තත්ත්වය නඟා සිටුවමින් සෞභාග්‍යය සහතික කරන‍, සියල්ලන්ගේ ම අදහස්වලට ඉඩකඩ හිමිකර දෙන දැක්මක් වෙනුවෙනි.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න