ආපසු
රාජ්‍ය සේවය නංවාලීම

විසි එක්වන සියවස සඳහා ඩිජිටල් ශ්‍රී ලංකාවක්

අප අනාගත රජය  යටතේ මහජන සේවා සම්පාදනය වැඩිදියුණු කිරීම,සංවර්ධන අභිමතාර්ථවේගවත් කිරීම සහ යහ පාලනය සහතික කිරීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) නිර්මාණය කෙරෙනු ඇත.

  • ඩිජිටල්පොදු යටිතල පහසුකම් (DPI) මූලාරම්භය යටතේ සියලු ශ්‍රී ලාංකික පුරවැසියන් හටනිශ්චිත හඳුනා ගැනීමේ අංකයක් ලබාදෙනු ඇත. මෙමගින් උප්පැන්න, විවාහසහ මරණ සහතික, විදේශ ගමන්බලපත් සහ වැදගත් ලේඛනයන්හි සහතික කළ පිටපත්ලබාගැනීම ආදී වශයෙන් මේවන විට වෙහෙසකර මට්ටමේ පවත්නා සේවාවන් හුදෙක්බොත්තමක් එබීමෙන් ලබාගැනීමේ හැකියාව උදා කිරීම හරහා ඔවුන් වෙත ලබා දෙන සේවාවන්හිකාර්යක්ෂමතාව සහතික කෙරෙනු ඇත.
  • රජයසහ පුරවැසියා අතර හා රජයේ ආයතන, බැංකු සහ පිළිගත් මූල්‍ය ආයතනඅතර ද, දත්ත අන්තර් මෙහෙයුම්කරණ හැකියාව ලබාදෙන්නාවූ ඩිජිටල්පොදු යටිතල පහසුකම් වසර 02ක් ඇතුළත ක්‍රියාත්මක මට්ටමට ගෙන එනු ඇත. ශ්‍රී ලංකාවමුදල් රහිත ගනුදෙනු කෙරෙහි නැඹුරු වූ නවීනසමාජයක් බවට පරිවර්තනය කරමින් ඩිජිටල් මූල්‍ය ගනුදෙනුනංවාලීමේ ක්‍රමයක් ස්ථාපනය කෙරෙනු ඇත.
  • සමස්තශ්‍රී ලංකා රාජ්‍ය ආයතන පද්ධතිය ආවරණය වන පරිදි ලංකා රාජ්‍ය ජාලයසහ ලංකා රාජ්‍ය මේඝය‍‍‍‍‍ (Lanka Government Cloud)ව්‍යාප්ත කරමින් සියලු රජයේ ආයතනයන් වෙත ප්‍රශස්ත සේවා සම්පාදනයක් ලබාදිය හැකිවනසේ එය තාක්ෂණිකව බලගැන්වීම සිදු කරනු ඇත.
  • මාස03ක් තුළ ශ්‍රී ලංකාවට අංග සම්පූර්ණ සයිබර් ආරක්ෂණ නීතියක් හඳුන්වාදෙනු ඇත.
  • 2022අංක 09 දරණ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත ඵලදායී ලෙස ක්‍රියාත්මකකිරීම සඳහා අවශ්‍ය වන රෙගුලාසි පැනවීම සහ ඊට අවශ්‍ය පහසුකම්සැපයීම.
  • නවආරම්භක ව්‍යාපාර දියුණු කිරීම සඳහා පෞද්ගලික අංශයේ ද දායකත්වය ඇතිව,සංවර්ධන අරමුදලක් ඇති කිරීම.
  • ශ්‍රීලංකාව තුළ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරවල සංවර්ධනයට සහ කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීමටබාධාවක් වී ඇති අධිවේගී අන්තර්ජාල පහසුකම් (High-speedInternet facilities) නොලැබීමේ ගැටලුව විසඳීම අප රජයේ ප්‍රමුඛ කර්තව්‍යයක් ලෙසසළකනු ඇත.
  • තොරතුරුතාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාපාර මත පනවා ඇති අසාධාරණ බදු ඉවත් කොට එම ක්ෂේත්‍රය රටේසංවර්ධනය උදෙසා දක්වන සුවිශේෂී දායකත්වය පිළිගනිමින්, එමක්ෂේත්‍රයට අදාළව, සාධාරණ සහ ආකර්ෂණීය බදු ප්‍රතිපත්තියක් අලුතින් හඳුන්වාදීම.
  • තොරතුරු තාක්ෂණව්යාපාර සඳහා ශ්රීලංකාවට ආනයනය කෙරෙන ඉලෙක්ට්රොනික උපකරණමත බදු අවම කිරීම.
Download Digital Transformation Charter

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න