ආපසු
රාජ්‍ය සේවය නංවාලීම

රාජ්‍ය සේවය

  • සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි පූර්ණ මානවසම්පත් විගණනයක් සිදු කොට සමස්ත ර‍ාජ්‍ය සේවයම මානවසම්පත් කළමනාකරණ සැලැස්මකට අනුව ප්‍රතිසංවිධානය කිරීම. රාජ්‍ය සේවයේ සියලුම බඳවා ගැනීම්, පත්කිරීම් සහ අනුයුක්තකිරීම් කුසලතා මත පදනම්ව සිදු කරනු ලබන අතර, දක්ෂතාවයන්  සහ සුදුසුකම් මත පුද්ගලයින් උපායමාර්ගිකව ස්ථානගත කිරීම සහතික කෙරේ.
  • මහජනසේවය ඉටු කිරීම ප්රමිතිකරණය කොට කාර්ය සාධන ඇගයුම් ඉලක්ක මත පදනම්ව රාජ්ය සේවයඅඛණ්ඩව ඇගයීම සිදු කරයි. ප්රමිතිගත ජාතික හා ජාත්යන්තර පුහුණු අවස්ථා රාජ්යසේවයට ලබාදීමට කටයුතු කරන්නෙමු. ජාත්යන්තර ප්රමිතියෙන් යුතු සිවිල් සේවා විද්යාපීඨයක් ස්ථාපනය කරමින් සිවිල් සේවය සඳහා වන පුහුණු ඉහළ ප්රමිතිගතකරණයකට ලක්කරන්නෙමු.
  • රජයේසේවකයන්ගේ ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම: අපගේ රජය විසින් රාජ්ය අංශසේවකයන් හට ලබාදෙන මාසික ජීවන වියදම් දීමනාව දැනට ලබාදෙන රු. 17,800සීමාවේ සිට රු. 25,000ක අවමයක් දක්වා ඉහළ නංවනු ඇති අතර,එය වත්මන් දීමනාවනට ද ගළපනු ඇත.
  • රජයේසේවකයන්ගේ මූලික වැටුප ඉහළ නැංවීම:රාජ්ය සේවයසඳහා අදාළවන අවම මූලික මාසික වැටුප (දැනට ශ්රේණි සඳහා අදාළ අනුපාතයන් මත පදනම්ව)24%කින් ඉහළ නැංවෙනු ඇත. මෙම ගැළපුමට මේවන විට ලබාදෙන විවිධ ගැළපීම්සහ දීමනාවනට අදාළ යම් නියමයන් හා කොන්දේසි ද ඇතුළත් වනු ඇත.
  • උක්තගැලපීම් දෙක ද එක්වූ විට ජීවන වියදම් දීමනාව ද ඇතුළත් රාජ්‍ය සේවයේඅවම දළ වැටුප රු. 57,500ක් වනු ඇත.
  • 2016 අයවැය යෝජනා මගින් නවක රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් හිමිකම් සම්බන්ධයෙන් ඇති කර ඇති අඛණ්ඩ අවිනිශ්චිතතාව සැළකිල්ලට ගනිමින්, අපි පෙර තීරණය අවලංගු කර 2016 සිට බඳවා ගත් සියලුම රජයේ සේවකයින්ට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ලබා දීමට යෝජනා කරමු. ඒ අනුව ඔවුන්ගේ පත්වීම් වෙනස් කරනු ඇත
  • රාජ්ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඔවුන්ගේ සුදුසුකම්, හැකියාවන් සහ කැමැත්ත මත පදනම්ව රාජ්ය සේවය ඇතුළත යෝග්ය තනතුරුවලට නැවත යොමු කෙරෙනු ඇත. දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවය කරන නිලධාරීන්ට තම වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීමටත් තම කැමැත්ත මත දෙස් විදෙස් රැකියා වෙ ළෙඳපල තුළ තරඟකාරීව රැකියා අවස්ථා සොයා ගැනීමට හැකියාව ලැබෙන පරිදි සුදුසු වෘත්තීය පුහුණුවීම් ලබා ගැනීමට රජයේ අනුග්රහය ලබා දෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න