ආපසු
රාජ්‍ය ආරක්ෂාව

නීතිය හා සාමය

  • පාස්කුඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 1948 අංක 17 දරනපරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) (ඇ) වගන්තිය ප්‍රකාරව විධිමත් ලෙස බලය පවරන ලදපරීක්ෂණ කොමිෂන් සභාවක් මාස 3ක් තුළ පිහිටුවනු ඇත. එම කොමිෂන් සභාවේ නිර්දේශ මතපදනම්ව පාස්කු ඉරුදින ප්‍රහාරය සඳහා වගකිව යුතු අපරාධකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගලස්ථීර මහාධිකරණයක් (Trial at bar) මගින්දිනපතා නඩු විභාග කර දඬුවම් ලබා දීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සළකනු ලැබේ.
  • පසුගියරජයේ පශ්චාත් ආදාහන ප්‍රතිපත්තිය විමර්ශනය කරනු ලැබ නිසි නීතිමය ක්‍රියාමාර්ග හරහාඑයට වගකිව යුත්තන් වගකීමට බැඳ තබනු ඇත.
  • දැනටහඳුන්වා දී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (තාවකාලික විධිවිධාන) අහෝසි කර රටේආරක්ෂාව සහ මානව හිමිකම් සුරකින වඩාත් යහපත් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ නව නීතියක්ස්ථාපිත කරනු ඇත.
  • සිවිල්සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR)නීතිය බලධාරීන් විසින් අවභාවිතා කිරීම වැලැක්වීම පිණිස අවශ්‍ය නීතිමයසංශෝධන සිදු කරනු ඇත. වෛරී ප්‍රකාශ පැතිරීම වැළැක්වීමට අවශ්‍ය නීති යාන්ත්‍රණයශක්තිමත් කිරීමට රජය කැපවී සිටී.
  • යුක්තියේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ නීති ප්‍රමාදයන්අවම කිරීම සඳහා වසර 5ක් ඇතුළත අධිකරණ පද්ධතියසම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කෙරෙනු ඇත.
  • ශ්‍රීලංකා නීති ආධාර කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කරනු ලබන අතර පුරවැසියන් වෙත සෑමවර්ගයකම නඩු සඳහා නීති ආධාර ලබා දීම තහවුරු කෙරේ.
  • සෑමසමථමූල මණ්ඩලයක් සඳහාම වෙන් වූ ස්ථීර කාර්යාලයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපනයකරනු ලබන අතර ඊට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ලබා දී ස්ථීරකාර්ය මණ්ඩලයක් පත් කරනු ඇත.
  • දේශපාලනිකහේතු මත ඉල්ලා අස්කරගෙන ඇති අපරාධ නඩු නව රජය බලයට පත්වී මාස 03ක් ඇතුළත නැවතපැවරීමට කටයුතු කරනු ඇත.
  • ආර්ථිකඅර්බුදයෙන් අසාධාරණයට ලක්වූ පුද්ගලයන්ට ඉදිරියටත් එම අර්බුදයට වගකිව යුතුපුද්ගලයන්ගෙන් වන්දි ලබා ගැනීමට හැකිවන පරිදි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබාදෙනු ඇත.
  • වසර150කට වඩා පැරණි පොලිස් ආඥාපනත යාවත්කාලීන කොට පොලිස් නිලධරයින්ගේ බඳවා ගැනීම්,උසස්වීම් සහ ස්ථාන මාරුවීම් කඩිනමින් සහ සාධාරණව ඉටු කරවා ගැනීමට අවශ්‍ය විධිවිධානසලසන අතර පොලිස් නිලධරයින්ට අවශ්‍ය ප්‍රමාණවත්පහසුකම් ලබාදී පොලිස් සේවය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීමට කටයුතු කරනු ඇත.
  • දිවයින පුරා 119 හදිසි ඇමතුම් සඳහා විනාඩි 30ක් ඇතුළත ප්‍රතිචාරදක්වනු ලබන බවට වගබලාගනු පිණිස පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය සම්පත්ලබාදී පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල්කරණය කරනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න