ආපසු
රාජ්‍ය ආරක්ෂාව

ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව ශක්තිමත් කිරීම

  • කිසිඳුආකාරයකින් ජාතිවාදය, අන්තවාදය හෝ බෙදුම්වාදය ප්‍රවර්ධනය නොකෙරේ. ජාතිය, ආගම, කුලය, පන්තිය හෝස්ත්‍රී පුරුෂ භාවය නොසළකා සෑම පුරවැසියෙකුම නීතිය ඉදිරියේ සමානව සැළකේ.
  • ශ්‍රී ලංකාවේවත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවශ්‍ය පරිදි ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මකකරන්නෙමු.
  • නියෝජිතයන් තෝරාගනු ලබනසියලුම ආයතනවල කාන්තා හා තරුණ නියෝජනය සහතික කිරීම සඳහා නීති පනවන්නෙමු.
  • ආගමික නායකයන්, පාර්ලිමේන්තුවනියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සාමාජිකයන් යන පාර්ශ්වයන් වෙතින් නිසිපරිදි අදහස් විමසීම් සිදුකොට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට නව ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සමගි ජන බලවේගය/සමගි ජන සන්ධානය කැපවී සිටී. එම ක්‍රියාවලියතුළ දී, අපගේ ප්‍රතිපත්තිය වනුයේ අපගේ පවත්නාදේශපාලන ක්‍රමය එක් රටක් තුල 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වූ උපරිම බලය බෙදීමක් ද සහිතව පාර්ලිමේන්තු ක්‍රමයක් කරා පරිවර්තනයකිරීමයි.
  • තීරණගැනීමේ ක්‍රියාවලියට පුරවැසියන් ක්‍රියාකාරීව සම්බන්ධ කර ගැනීම සඳහා “ග්‍රාම රාජ්‍ය” සහ “නගර රාජ්‍ය” නම් ප්‍රජාපාදක ප්‍රජාතාන්ත්‍රිකආයතන නිර්මාණය කෙරෙනු ඇත.
  • නවව්‍යවස්ථාව සම්මත වන තෙක් ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ඇතුළු වත්මන් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමටරජය කැපවී සිටී. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මගින් පළාත්සභාවලට ලබාදී ඇති ජනාධිපති වරයා විසින්එකපාර්ශවීයව ආපසු ලබා ගැනීමට කටයුතු නොකරනු ඇත. පළාත් මට්ටමින්සිදු කෙරෙන සංවර්ධන කාර්යයන් ශක්තිමත් කරමින් පළාත් සභා ක්‍රියාත්මක වීම සඳහා වන  කැපවීම නැවත සපථ කරන්නෙමු.
  • ජාතිකරජයක් (National Government) පිහිටුවීමට ක්‍රියා කළහොත් අමාත්‍ය/නියෝජ්‍ය අමාත්‍ය/ රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට පාර්ලිමේන්තුව වෙතහැකියාව ලබාදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධානය අවලංගු කරෙනු ඇත.
  • ජාතිකරජයක් පිහිටවුවද, අමාත්‍යවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පවත්නා සීමාව අදාළ වනු ඇත.
  • මාස06ක්ඇතුළත පළාත් සභා මැතිවරණ පැවැත්වෙන අතර උපරිම මූල්‍ය කාර්යක්ෂමතාවකින් හාසඵලදායීතාවකින් යුතුව පළාත් සභා ක්‍රියාත්මක වන බව සහතික කිරීමට කඩිනමින් පියවරගනු ලැබේ.
  • ජාතික සමගිය හා ප්‍රතිසන්ධානයපිළිබඳ කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානිපූරණ කාර්යාලය ශක්තිමත්කර ඒවායේ අරමුණු ඵලදායී ලෙස හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා පහසුකම් සපයන්නෙමු. ආරක්ෂක අවශ්‍යතා සඳහාඅවශ්‍ය නොවන සියලුම ඉඩම් තවදුරටත් ප්‍රමාද නොවී ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබා දෙනුඇත. රාජ්‍ය අනුග්‍රහය සහිතව ජන විකාශන වෙනස්කම්නොකරන ප්‍රතිපත්තිය නොකඩවා පවත්වාගෙන යනු ඇත. තවද, ගැටුම්වලින්පීඩාවට පත් ප්‍රදේශවල ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට විශේෂිත සහනහා දිරිගැන්වීම් සපයනු ඇත.
  • යටිතලපහසුකම් ප්‍රතිස්ථාපනය, ප්‍රජා සංවර්ධන කටයුතු සහ තිරසරආර්ථික අභිවෘද්ධිය ද කෙරෙහි අවධානය යොමු කරමින් යුද්ධයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්නැවත ගොඩනැගීම හා සංවර්ධනය වෙනුවෙන් වූ කැපවීම තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තර ආධාරසමුළුවක් සංවිධානය කරන්නෙමු.
  • නීති විරෝධී ලෙස කල් දමනලද පළාත් පාලන මැතිවරණ කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය හා පරිපාලනමය පියවර ගන්නෙමු.
  • අධිකරණ පරිපාලනයට විධායකයමැදිහත්වීම වැළැක්වීම සඳහා නීති ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වයහා කාර්යක්ෂමතාව ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණයන් සිදු කරන්නෙමු.
  • මූලික අයිතිවාසිකම්පිළිබඳ පරිච්ඡේදයේ විෂය පථය පුළුල් කර සමාජීක හා ආර්ථික අයිතිවාසිකම්, සංස්කෘතිකඅයිතිවාසිකම්, කාන්තාවන්ගේ, ළමුන්ගේ,වයස්ගත පුද්ගලයන්ගේ හා ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, පාරිසරික, නිවාස හා සංවර්ධන අයිතිවාසිකම්ඇතුළත් කෙරෙනු ඇත. පුරවැසියන්ට යුක්තිය පහසුවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි,අභියාචනාධිකරණ නඩු විභාග සෑම පළාතකම සිදු කෙරෙනු ඇත. එයට මූලිකඅයිතිවාසිකම් හා භාෂා අයිතිවාසිකම් පිළිබඳ මූලික අධිකරණ බලයක් පැවරෙනු ඇත.අභියාචනාධිකරණයේ අවසරය හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයටඅභියාචනයක් ඉදිරිපත් කළ හැකිවනු ඇත.
  • කවරාකාරයේහෝ දූෂණ ක්‍රියාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් සේ සැලකෙනු ඇති අතරදූෂණ විරෝධය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක්‍රියාවලිය තුළ වගබලා ගැනෙනු ඇත.
  • රාජ්‍ය සේවය පූර්ණ නිර්දේශපාලනීකරණයකට ලක් කිරීමසහ ඒ සම්බන්ධ ප්‍රමිතීන් හා විධිවිධාන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ලබා දීම.
  • පාර්ලිමේන්තු වගකීම් ඉටු කිරීමේදී අවශ්‍ය ප්‍රමිතීන් හාමූලධර්ම ස්ථාපිත කිරීම සහ පාර්ලිමේන්තුව කෙරෙහි මහජන විශ්වාසය ඇති කිරීම සඳහා 2018.04.15 දින නීතියක් බවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ චර්යා ධර්ම සංග්‍රහයසම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇත. ඊට සමගාමීව, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් විසින්අනුගමනය කළ යුතු චර්යා ධර්ම සංග්‍රහ සඳහා නීති සම්පාදනය කිරීමට ද ප්‍රමුඛත්වය දෙනුඇත.
  • පත්කිරීම් සිදු කිරීමේදී අමාත්‍යවරුන්ට තම අමාත්‍යාංශවලවිෂය පථයට අයත් රජයේ හා අර්ධ රාජ්‍ය ආයතනවලට තම පවුලේ සාමාජිකයින් බඳවා ගැනීමටඅවසර නොදෙනු ඇත.
  • දැනට අධිකරණයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ ඇතිපුද්ගලයින්ට අනාගත මැතිවරණවලදී නාම යෝජනා හෝ කිසිදු රජයේ තනතුරක් ලබා නොදෙනු ඇත.
  • වරප්රසාද හා අනුග්රහයන් හේතුකොට මන්ත්රීවරුන්පක්ෂ මාරු කිරීම වැළැක්වීමට නීති සංශෝධන හඳුන්වා දීම සහ ඒ හා සම්බන්ධ අධිකරණ ක්රියාමාර්ගමාස 2ක් ඇතුළත අවසන් කිරීම අනිවාර්යකරන විධිවිධාන ඉදිරිපත් කරනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න