ආපසු
රාජ්‍ය ආරක්ෂාව

ජාතික ආරක්ෂාව

  • දූරදර්ශී හා ශක්තිමත් විදේශ ප්‍රතිපත්තිමත පදනම්වූ ආරක්ෂක සහයෝගීතාවන් තුළින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම.
  • නව නීතියක් මගින් ජාතික ආරක්ෂක කවුන්සිලය ස්ථාපිත කොට,එයට අවශ්‍ය බලතල පවරා දීම.
  • රටේආරක්ෂාව, නීතිය හා සාමය සහ බුද්ධි අංශ අන්තර් සම්බන්ධීකරණයක්  සහිතව කටයුතු කරන වෙන් වෙන් හා ස්වාධීන ඒකක ලෙස සළකනුඇත. මෙම ව්‍යුහය තුළ ඒකාබද්ධ බුද්ධි රාමුවක් ස්ථාපිත කිරීමෙන් රාජ්‍ය බුද්ධි අංශයටව්‍යුහාත්මක පිළිගැනීමක් ලබා දෙනු ඇත. මෙම සම්බන්ධීකරණ ප්‍රවේශය මගින් තොරතුරුහුවමාරුව වැඩිදියුණු කරනු ඇති අතර, මෙහෙයුම් කාර්යක්ෂමකරමින්, එක් එක් අංශයේ ස්වාධීනත්වය පවත්වා ගනිමින් සමස්තජාතික ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කරනු ඇත. මෙම රාමුව මගින් ස්වාධීන ආයතන අතරකාර්යක්ෂම සහයෝගීතාව සහතික කරන අතර ශක්තිමත් හා ප්‍රතිචාරාත්මක ජාතික ආරක්ෂකයාන්ත්‍රණයක් නිර්මාණය කරනු ඇත.
  • යුද හමුදාව, නාවිකහමුදාව, ගුවන් හමුදාව යන සන්නද්ධ හමුදාවන් සහ සිවිල් ආරක්ෂකබලකාය සඳහා අත්‍යවශ්‍ය තාක්ෂණික පහසුකම්, නවීන ආයුධ, උපකරණ සහදේශීය හා විදේශීය පුහුණුව ප්‍රමාණවත් ලෙස ලබාදීම. ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල්ආරක්ෂක කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිත කෙරෙනු ඇත. ඔවුන්ට ඉහළ වැටුප්, දීමනාසහ සුභසාධන ප්‍රතිලාභ ලබා දීමට සහතික වෙනු ඇත.
  • ආයතනික ප්‍රතිසංස්කරණ හරහා සන්නද්ධ හමුදාවන් විසි එක්වෙනි සියවසට ගැළපෙන පරිදි නවීකරණය කිරීම.
  • එසේම සියලුම ජාතීන් හාආගමික කණ්ඩායම් වෙත  නිසඟයෙන්ම ලැබිය යුතුගෞරවය ලබා දෙන ආකාරයෙන් කටයුතු කිරීම හා සියලුම ජන කණ්ඩායම් අතර අන්යෝන්ය සහයෝගිතාවපදනම් කොට ගැනීම තිරසර ආරක්ෂාවක පදනම වනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න