ආපසු
රාජ්‍ය ආරක්ෂාව

විදේශ සබඳතා සහ වෙ‍ළෙඳ සන්ධාන

  • අප රාජ්‍යය බහු පාර්ශවීය විදේශ ප්‍රතිපත්තියක්සහිත ස්වෛරී රාජ්‍යයකි. අපගේ දැක්ම වන්නේ සියල්ලන් සමඟ මිතුරු වීම සහ කිසිවෙකු සමඟසතුරු නොවීමයි.
  • ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියනීතියේ ආධිපත්‍යය සහ ජාත්‍යන්තර සම්මුතීන් මගින් බලගැන්වෙන හා  ප්‍රවර්ධනය කරන්නාවූ බහුපාර්ශ්වීය ප්‍රතිපත්තියකි. මෙහි එන ප්‍රධාන මූලධර්ම තුළට බලය භාවිතා නොකිරීම, ගැටුම්සාමකාමීව නිරාකරණය කරගැනීම සහ මානව හිමිකම්වලට අනුගතව කටයුතු කිරීම ද ඇතුළත් වේ.
  • හමුදාමය සන්ධානවලින් තොරව ආසන්න සහ කලාපීයඅසල්වැසියන් සමඟ සාමකාමී සහජීවනය, කලාපීය ඒකාබද්ධතාව ප්‍රවර්ධනයකිරීමේ නායකත්වය ගැනීම මූලික ප්‍රතිපත්ති වනු ඇත.
  • ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ සම්බන්ධතා පවත්වන අතරආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය එහි පදනම වනු  ඇත. අපගේ රාජ්‍ය තාන්ත්‍රික උපායමාර්ගික ආයෝජන, වෙළඳාම සහ සංචාරක කර්මාන්තය යන කුලුනු මත ගොඩනැගෙනු ඇත. ගෝලීයවෙ‍ෙළඳපළ තුළ ශ්‍රී ලංකාව ස්ථානගතව ඇති ස්ථානය ඉහළට ඔසවා තබනු පිණිස එක්සත්ජනපද වෙළඳ නියෝජිතයනට සමාන වෙ‍ෙළඳ ගනුදෙනු සඳහා වූ සුවිශේෂීරාජ්‍ය එ්කකයක් ස්ථාපනය පිළිබඳ අවධානය යොමු කෙරෙන වෙළඳ හා ආයෝජනප්‍රතිපත්තියක් ගොඩනගන්නෙමු.
  • ඉන්දියන් සාගර කලාපයේ ජනතාවගේ උපරිම යහපත සහතිකකරමින්, ඉන්දියන් සාගරයේ නීති ක්‍රියාත්මක වීමප්‍රවර්ධනය කරනු ඇත.
  • ශ්‍රී ලංකාව කලාපීය වෙ‍ෙළඳ සන්ධාන සඳහා කැපවී සිටිනු ඇත.
  • 75%ක වෘත්තීය රාජ්ය තාන්ත්රිකයින් සහඋපරිම වශයෙන් 25%ක අනෙකුත් පත්කිරීම්වල ආදර්ශ මිශ්රණයක්සහතික කරන්නෙමු. බඳවා ගැනීමේ ක්රියාවලිය ප්රතිසංස්කරණය කරනු ලබන අතරදේශපාලනඥයින්ගේ පවුලේ සාමාජිකයින් විදේශ සේවයේ තනතුරු සඳහා පත් කිරීම තහනම් කෙරෙනුඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න