ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තාරුණ්‍යය

අධ්යාපනය යනු මූලික අයිතිවාසිකමකි. මානව ප්රාග්ධනය අපගේ ප්රමුඛතාවයි.

  • ජාතියේ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරිම උදෙසා ගුරුවරුන්විසින් ඉටුකරනු ලබන තීරණාත්මක කාර්යභාරය පිළිගනිමින්, රජය ශ්‍රී ලංකාව පුරා සියලුම ගුරුවරුන්ට නොමිලේ පොදු ප්‍රවාහන පහසුකම්සපයනු ඇත.
  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතිනවැටුප්, විශ්‍රාම වැටුප් සහ සේවා ගැටලුවිසඳීම සඳහා 2025 ජනවාරි මාසයට පෙර ප්‍රතිපත්තිමය තීරණගනිමින් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම.
  • ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වලට 100% විදුලිය, ජල පහසුකම් සහ භෞතික සම්පත්සැපයීමෙන් සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කිරීම සඳහා මාර්ග සිතියමක් සකස්කිරීම.
  • ආගම ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරු පුරප්පාඩු පුරවනු ඇත.පාසල්වල ආගම ඉගැන්වීම,  එමවිෂය සම්බන්ධයෙන් සුදුසුකම් ලත් ගුරුවරුන් විසින් සිදුකරනු ඇත.
  • පුළුල් කරන ලද ‘සක්වල’ වැඩසටහන හරහා පාසැල්වල ඩිජිටල්ඉගෙනුම් පද්ධති වෙත ප්‍රවේශ විය හැකි බවට සහතික කරමින් සුහුරු ශ්‍රී ලංකාවක්ගොඩනැඟීම ප්‍රමුඛතාගත කරනු ඇත. මෙතුළ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් විෂයමාලාඅන්තර්ගතයන් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයෙහි පූර්ණ නවීකරණයන්ද ඇතුලත් වනු ඇත. ගුණාත්මකඅධ්‍යාපන සේවාවන් ලබාගැනීමේ හැකියාව ඇති කරමින් මෙම වැඩසටහන කාර්මික හා වෘත්තීයආයතන වෙතට හා විශ්වවිද්‍යාල වෙතටද ව්‍යාප්ත කෙරෙනු ඇත. සුහුරු පාසල් සහ ඩිජිටල්යටිතල පහසුකම් ස්ථාපනය කොට වැඩිදියුණු කිරීමේ කාර්යයට සහාය දක්වනු පිණිස නොමසුරුපරිත්‍යාගශීලීන් ආකර්ෂණය කරගන්නා කැපකරු පාසැල් (FosterSchools)10,096ක වැඩසටහනක් නිර්මාණය කෙරෙනු ඇත.
  • ගෝලීය හවුල්කාරිත්වයන්, සංස්කෘතිකහුවමාරු සහ පාසල් අතර සාමුහික ඉගෙනුම් අවස්ථාවන් පෝෂණය පිණිස පාසැල් බද්ධකරණවැඩසටහනක් (Twinning Programme) ආරම්භකෙරෙනු ඇත.
  • පාසල්වල පහසුකම් පවත්වාගෙන යාම සහ නිසි කලට නඩත්තුකටයුතු සිදුවන බවට සහතික කරනු පිණිස ප්රාදේශීය ප්රජාවන්ගේ සහාය සහිත භාරකාරඅරමුදලක් (Trust Fund) සෑම පාසලකම පිහිටුවීම අනිවාර්යයකිරීම.
  • ගුරු පුහුණු කටයුතු කඩිනම් කිරීම මාර්ගයෙන් සියලුම අධ්යාපනආයතනවල විද්යාව, තාක්ෂණය, ඉංජිනේරුවිද්යාව, සෞන්දර්යය හා ගණිතය යන විෂයයන් සඳහා මුල් තැනක් දෙන STEAMඅධ්යාපනයක් බිහි කිරීම පිණිස 2025 ජනවාරී මාසයේ සිට කටයුතු ආරම්භ කිරීම.
  • පාසල් විෂය මාලා යාවත්කාලීන කිරීමේදී දෙස් විදෙස් රාජ්යහා පෞද්ගලික අංශයේ මානව සම්පත් විශේෂඥ අදහස් ලබා ගන්නා අතර කෘත්රිම බුද්ධිය ඇතුළුනවීන තාක්ෂණික ප්රවණතාවන්ට නිසි තැන ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
  • දූදරුවන්ට දැඩි මානසික පීඩනයක් බවට පත්ව ඇති,5 ශ්රේණි ශිෂ්යත්ව විභාගය ඔවුන් එම පීඩනයෙන් නිදහස් වන අයුරින් සරල හා සංවිධිතකිරීම.
  • වගකිවයුතු පුරවැසියන් ගොඩනැගීමෙහිලා මුල් ළමාවිය අධ්යාපනයේපවත්නා  මූලික වැදගත්කම හඳුනා ගනිමින්බහු-පාර්ශවකරු උපදේශක සභාවක් සහිත නියාමන අධිකාරියක් ස්ථාපනය කොට ළමුන්ට හිතකාමී හානවීන යටිතල පහසුකම් ඇති කොට ගුරු පුහුණුව සහ ප්රතීතන (Accreditation)ප්රමිතීන් පිහිටුවාලමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා දෙමව්පිය දායකත්වය ද ප්රවර්ධනයකරන්නෙමු.
  • සිසුවකුට පාසල් සමයේ මුල් අදියරයන්හි සිටම ඉංග්රීසිභාෂාව හොඳින් තේරුම් ගැනීම,කථා කිරීම හා ලිවීම යන හැකියා ලැබෙන පරිද්දෙන් ප්රාථමික හා ද්විතීයික පාසල්අධ්යාපනය සැකසෙන අතර ඒ සඳහා නවීන තාක්ෂණික මෙවලම්භාවිතයට ගැනෙනු ඇත.
  • 6-13 ශ්රේණිවලට අනුයුක්තව අධ්යාපනය ලබන සියලු පාසල්දැරියන් හට ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ස්වකීය කැමැත්ත පරිදි මාසිකමුදල් හුවමාරුවක් ලබා ගැනීමේ ක්රමවේදයක් හඳුන්වා දෙනු ලැබේ.
  • විශ්වවිද්යාල අංශයේ වෘත්තීය ගැටලු විසඳීම සඳහාවිශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වහාම ප්රතිව්යුහගත කිරීමට පියවර ගැනීම.විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභා පනත ප්රතිසංස්කරණය කොට විශ්වවිද්යාලවලස්වාධීනත්වය ශක්තිමත් කිරීම. රාජ්ය, රාජ්ය නොවන සහ පෞද්ගලික උසස්අධ්යාපන ආයතනවල ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා උසස් අධ්යාපන කොමිෂන් සභාවක්ස්ථාපනය කිරීම. සියලුම රජයේ හා රජයේ නොවන විශ්වවිද්යාලවල ජාත්යන්තර ශ්රේණිගතකිරීම් වැඩිදියුණු කිරීමට අවශ්ය පියවර ගැනීම මගින් ඒවායේ ජාත්යන්තර පිළිගැනීමඉහළ නැංවීම.
  • තාක්ෂණය සහ නවෝත්පාදනයද නංවාලමින් ඉන්දියානුතාක්ෂණ ආයතන/ ඉන්දියානු කළමනාකරණ ආයතන (IIT/ IIM) පන්නයේ විශ්වවිද්යාලයක් මෙරට ද ස්ථාපනය කිරීමට අවශ්ය පහසුකම්සලසනු පිණිස ශ්රී ලංකාව විසින් එම ආයතන ද සමගින් සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ඇත.
  • අධ්යයන ප්රමිති,පර්යේෂණ සහයෝගිතාවයන් සහ සිසු හුවමාරු වැඩසටහන් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත්විශ්වවිද්යාල බද්ධකරණ (Twinning) ව්යාපෘති දිරිගැන්වීම.
  • රාජ්ය නොවන සහ පෞද්ගලික විශ්වවිද්යාලවල අධ්යාපනයසඳහා දැනට පවතින රජයේ ණය වැඩසටහන පිළිගත් පෞද්ගලික වෘත්තීය පුහුණු ආයතන ද ආවරණය වනපරිදි පුළුල් කෙරෙනු ඇත.
  • වෘත්තීය පුහුණු විෂය මාලා වර්තමාන වෙළෙඳපළ ඉල්ලුමටඅනුකූලව විස්තීර්ණ ලෙස නවීකරණය කර ප්රමිතිගත කරනු ඇති අතර, එමඟින් බිහිවන උපාධිධාරීන්  හාඅනෙකුත් විද්යාර්ථීන් ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළ හා රැකියා ඉල්ලුමට ගැළපෙන කුසලතාපූර්ණ පිරිසක් බවට සහතික කෙරේ.
  • රටේ ජීවනාලිය බඳු තරුණප්රජාව තෘප්තිමත් සහ සතුටින් සිටින පුරවැසියන් විය යුතුය. ඔවුන්ගේ ශ්රම දායකත්වයරටේ සංවර්ධනයට ඵලදායී ලෙස යොදා ගනනු වස් අධ්යාපනය, වෘත්තීය පුහුණු, ව්යවසායකත්වයන් සඳහාවන නවීනතම පහසුකම් සපයමින් ඔවුන්ට දේශීය හා විදේශීය නව අවස්ථාවන් කරා ළඟා වීමටපහසුකම් සපයනු ඇත.
Download Education Charter

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න