ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

කාන්තාවන් සහ ළමුන් සවිබලගැන්වීම

  • සෑමග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය කෙරෙන පරිදි දිවා සුරැකුම් මධ්‍යස්ථානආරම්භ කිරීමට රජය විසින් ව්‍යවසායකයන් දිරි ගන්වනු ඇති අතර එ් සඳහා අවශ්‍ය මූල්‍යදිරිගැන්වීම් ද ලබාදෙනු ඇත. සුදුසු පරිදි රජයේ සහ පුද්ගලික ආයතනයන්හිද දිවාසුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමට සහ මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනයට අවශ්‍ය සියලුසහාය ලබාදීමට ද රජය විසින් පියවර ගනු ඇත.
  • සේවාබලකාය තුළ වඩා ඉහළ කාන්තාසහභාගීත්වයක් සඳහා අවශ්ය දිරිමත් කරවීම් සිදු කරමින් මාතෘත්ව නිවාඩු පිරිවැය රජයවිසින් දරනු ඇත.
  • පාර්ලිමේන්තුව, පළාත් සභාසහ පළාත් පාලන ආයතනයන්හි අවම වශයෙන් 25%ක කාන්තා නියෝජනය තහවුරු කිරීම පිණිස අවශ්‍යනීතිමය ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇත.
  • ස්ත්‍රී-පුරුෂ සාමානාත්මතාව තහවුරු කිරීම සඳහා ද, කාන්තාවන්බලගැන්වීම සඳහා ද, ළමා ආරක්ෂාව සහ කායික හා මානසික සුභසිද්ධිය සඳහා දවගකීම් පැවරෙන ජනාධිපති කාර්ය සාධක බලකායක් මාස 03ක් තුළ පිහිටුවනු ඇත.
  • කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාව උදෙසාදැනට සම්මත කර ඇති නීති පූර්ණ ලෙස බලාත්මක කිරීම අවශ්‍ය වන නිර්දේශ ලබා  ගැනීම සඳහා විද්වත් කමිටුවක් පත් කරනු ලබන අතරඑම නිර්දේශ වසරක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.  
  • සෑම පොලිස් ස්ථානයකම ඇති කාන්තා හා ළමා කාර්යාංශ පැය 24පුරාම විවෘතව තබනු ඇත.
  • කාන්තා මූලික පවුල් සවිබල ගැන්වීම සඳහා පරිවර්තනීයවැඩසටහනක් දියත් කරන්නෙමු. මෙමගින් කාන්තාවන් සහ ඔවුන්ගේ දරුවන් ආරක්ෂිත හා පෝෂණීයපරිසරයක සශ්‍රීකව වර්ධනය වීම සහතික කිරීම සඳහා පූර්ණ  සහාය සහ ආරක්ෂාව සපයනු ඇත.
  • ක්ෂුද්‍ර ණය ආයතන නියාමනය බලගැන්වෙනු ඇත. අනවසර ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාර වසා දමනු ඇති අතර ඒවාට වගකිව යුත්තන්සම්බන්ධයෙන් දණ්ඩන ක්‍රියාමාර්ග කඩිනම් කෙරෙනු ඇත. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවීසිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා සහාය වැඩසටහනක් දියත් කරන්නෙමු. මෙමගින් ඔවුන්ටමූල්‍ය ස්ථාවරත්වය යළි ලබා ගැනීමට හැකියාව ලබා දෙනු ඇත. ක්ෂුද්‍ර ණය හිමියන්විසින් පීඩනයට හා අපචාරයට ලක්වූ කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ මැදිහත්වීමක්සිදුකරනු ඇත.
  • සේවක අර්ථසාධක අරමුදල/ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලහරහා සනාථ කෙරෙන පරිදි 50% ඉක්මවා කාන්තාවන් සේවා නියුත්ක කෙරෙනතෝරාගත් අංශයන්හි සමාගම් වෙත බදු ප්‍රතිලාභ ලබාදෙනුඇත.
Download Women and Children Empowerment Charter

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න