ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

ආදිවාසි ජන ප්‍රජාව

කිසිදු වෙන්කොට සැළකීමකින් තොරව සියලු හිමිකම් සහ වරප්‍රසාදවිෂයයෙහි හිමිකම් ලබා දෙමින්, ආදිවාසි ජන ප්‍රජාවන් වෙත ගෞරවාන්විතව සැළකිය යුත්තේයයන්න සමගි ජන බලවේගයේ /සමගි ජන සන්ධානයේ දැඩි විශ්වාසයයි. වන භූමි ප්‍රමාණය අඩුවෙමින් පැවතීම සහ ජල හිඟතාව හේතුකොට ඔවුන් විසින් මුහුණ පාඇති දුෂ්කරතාවනට මුහුණ දිය හැකි පරිදි තිරසර විසඳුම් ලබා දීම අප අනාගතරජයක ප්‍රමුඛ කටයුත්තක් වනු ඇත. දේශීය ආදිවාසි ජන ප්‍රජාව මුහුණ පාඇති බරපතළ ගැටලුවක් වන ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයසඳහා විසඳුම්  ලබාදෙනු ඇත.

තවද,ආදිවාසි ජන ප්‍රජාවන්ගේ ආගමික, සංස්කෘතික, සමාජමයසහ ආර්ථික අයිතිවාසිකම් ද ආරක්ෂා කරනු ලබන බවට වගබලා ගන්නෙමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න