ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

ආබාධ සහිත තැනැත්තන්

ආබාධ සහිත තැනැත්තන් යනු වෙනස්කොට සැලකිය යුතු පිරිසක් ලෙස නොවවිවිධත්වයෙන් යුතු සමාජයේම කොටසක් ලෙස හඳුනා ගනිමු.  මෙම සංකල්පීය රාමුව ඇතුළත ශ්රීලංකාවේ සංවර්ධනය සහසමාජ ව්යුහය ඇතුළත ආබාධසහිත පුරවැසියන්ගේස්වායත්ථතාව සහ සහභාගිත්වය සහතික කරන්නෙමු.

  • ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහන ප්‍රතිලාභ දිගටම ලබා දෙනඅතර 410,000ක් වන ප්‍රතිලාභීන් සඳහා සුභසාධන දීමනාව මසකට රු. 10,000/-දක්වා (රු. 7,500/- සිට) වැඩි කිරීම.
  • ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත්ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇති මූල ධර්මයන්ට අනුකූල වන පරිදි දේශීය නීති රාමුව සකස්කිරීම.
  • අධ්‍යාපනය, සේවාසහ රැකියා, සෞඛ්‍යය, දුගීබවතුරන් කිරීම සහ සමාජ ආරක්ෂණය, නිවාස, ප්‍රවාහන, ක්‍රීඩා, අධිකරණ,මහජන සහභාගිත්ව සහ සමාජ, ආගමික, සංස්කෘතිකසහ සෙසු හිමිකම්වලට අදාළ සියලු භාණ්ඩ හා සේවාවන් වෙත ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ්‍යතාවතහවුරු කරනු ඇත.
  • ආබාධිත තැනැත්තන්ගේ හිමිකම් ප්‍රවර්ධනය සඳහා වූ ජාතිකවැඩසටහන කාර්යක්ෂමව සහ ඵලදායීව කළමනාකරණය කරනු පිණිස ජාතික දත්ත පද්ධතියක්පිහිටුවනු ඇත.
  • ආබාධ සහිත පුද්ගලයින් සඳහා රාජ්‍ය සේවයේ රැකියා අවස්ථාවලින් 3%ක කෝටාවක් ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබේ.
  • ආබාධිත තැනැත්තන්ගේහිමිකම් සියලු පුරවැසියන්ගේ හිමිකම් හා සමාන්තරව පවත්නා බවට වගබලාගනු පිණිස ප්රතිපත්තික්රියාත්මක කිරීමට ද, අධීක්ෂණය පිණිස දආබාධිත හිමිකම් කොමිෂන් සභාවක් පිහිටුවන්නෙමු.
Download Disability and People with Disabilities Charter

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න