සමාජ සාධාරණත්වය ආරක්ෂා කිරීමට සහ සමාජයේ පීඩාවට පත්වන කොටස් ආරක්ෂා කිරීමටකැප වන්නෙමු. ආත්ම විශ්වාසය සහ ආත්ම ශක්තියක් සහිත, රජය මත රඳා නොපවත්නා ජාතියක් ගොඩනැගීම අපගේ දර්ශනයයි.
- ජ්‍යෙෂ්ඨ පුරවැසියන්සහ වකුගඩු රෝගීන් වෙත ද සෘජු මූල්‍ය සම්පාදනයන්සිදු කෙරෙනු ඇත.
- නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයින් 50,000ක් සඳහා සුභසාධන දීමනාව මසකට රු. 10,000/-දක්වා (රු. 7,500/- සිට) වැඩි කිරීම.
- වැඩිහිටි පුරවැසියන් 820,000ක් සඳහා ලබාදෙන සුභසාධන දීමනාව මසකට රු. 5,000/- දක්වා (රු. 3,000/- සිට) වැඩි කිරීම.
- ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාගනු පිණිස සේවාවියුක්තිකයන් සහ ඌන සේවා නියුක්තිකයන් ද, පුහුණු කොට, ප්‍රති-කුසලතාගතකොට සේවා නියුක්ත කරවන අතරම, ව්‍යවසායකත්ව අවස්ථාවන් ද සම්පාදනය කෙරෙනු ඇත. මෙමයෝජනාක්රමය යටතේ, දැනට සේවා නියුක්ත උපාධිධාරීන් වෙත ඉහළම ප්රමුඛතාවලබාදෙනු ඇත. රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ කඩිනම් තක්සේරුවක් සිදුකොට ඔවුන්ගේපවත්නා දැනුම සහ කුසලතාවන් හඳුනා ගනිමින් අදාළ පුරප්පාඩුපවත්නා රජයේ ආයතන වෙත ඔවුන් යොමු කෙරෙනු ඇත.
- රාජ්‍ය මැදිහත්වීමෙන්සිදු කරන විදේශ රැකියා අවස්ථා ලබාදීමේදී සුදුසුකම් සහිතඅඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන්ට ප්රමුඛතාවලබා දෙනු ලැබේ.