ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

සෞඛ්‍යය, පෝෂණය, දේශීය වෙදකම හා සමාජ සුභසාධනය

  • ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවට වගබලාගන්නෙමු.
  • පසුගිය වසර 25 තුළ,වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කිසිදු වැඩිදියුණුවක් සිදු වී නැත. එය අපේ රටේ සංවර්ධනයට අහිතකර ලෙස බලපායි. දරුවන්ගේ වඩා යහපත් වර්ධනයට සහාය වීම සඳහා අත්‍යාවශ්‍ය පෝෂක සැපයීමට අපි කැපවී සිටිමු.
  • ගර්භණී මාතාවන් හා කුඩා දරුවන් ආශ්‍රිත මන්ද පෝෂණ තත්ත්වයබරපතළ සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් හඳුනා ගනිමින්, ගර්භණී මාතාවන්හා කුඩා දරුවන් සඳහා ‘ත්‍රිපෝෂ‘ සහ ‘පෝෂණ මලු‘ බෙදාහැරීමේ වැඩසටහන නැවත ආරම්භ කෙරෙනුඇත.
  • පාසල් දරුවන්ගේ ඉගෙනීමට,වර්ධනයට හා ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය පෝෂණය ලැබෙන බව සහතික කිරීම සඳහා පාසල් දරුවන් සඳහා දිවා ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නෙමු.
  • දැරිය හැකිමිලකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාදීම සහතික කරනුවස් ආහාරනිශ්පාදන කර්මාන්තක්ෂේත්‍රය සමඟ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නෙමු.
  • පුරවැසියන් තුල ක්‍රියාශීලී ජීවන රටාවන් දිරිමත් කිරීම සඳහා ශාරීරික සුවතා සහ විනෝදාස්වාදපහසුකම් වැඩිදියුණු කරන්නෙමු.
  • වැඩිහිටියන් සහ නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන්රැකබලාගැනීමටත්  ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්  සත්කාරක පහසුකම් සපයන මධ්‍යස්ථාන වැඩිකිරීමටඅවශ්‍ය මැදිහත්වීම කරනුඇත.
  • වයස අවු. 40ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම වසර 03කට වරක්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් රාජ්‍ය දායකත්වයෙන් සිදු කරනු ඇත. කල් තබා රෝග හඳුනා ගැනීමමගින් ප්‍රතිකාර සඳහා රජයට වැයවන වියදම අවම කර ගැනීම සහ නිරෝගී පුරවැසි පරපුරක්බිහිකර ගැනීම මෙහි අරමුණයි.
  • ශ්‍රී ලාංකිකයන් වෙත වෛද්‍ය සේවාසම්පාදනය වැඩිදියුණු කිරීමේ ‘හුස්ම‘ වැඩසටහන අපගේ රජයේ ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත.ගුණාත්මකභාවයට අදාළ ලෝක ප්‍රමිතීන් සපුරාලනු පිණිස යම් කාල සීමාවක් පුරා අරමුදල්වෙන් කිරීමේ දී සමස්ත සෞඛ්‍ය සේවා ජාලයට අදාළ පූර්ණ විගණනයක් සිදුකෙරෙනු ඇත. වැඩිදියුණු වූ සෞඛ්‍ය ප්‍රවේශ්‍යතාවයක් සහ ගුණාත්මකභාවයක් ද ප්‍රවර්ධනයකෙරෙන පරිදි රෝහල් ප්‍රජා අවශ්‍යතාවනට අනුවර්තනය කරනු පිණිස ‘හුස්ම‘ වැඩසටහනටනොකඩවා අරමුදල් සැපයීමට ත්‍යාගශීලීන් දිරිමත් කෙරෙනු ඇත.
  • ඩිජිටල් හැඳුනුම්පත මගින් ද සියලු පුරවැසියන් වෙත සෞඛ්‍යසේවා සම්පාදනය කෙරෙනු ඇත.
  • නිදහස් සෞඛ්‍ය අයිතියපුළුල් කරන අතරම “සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණය” පුළුල්කිරීම මගින් දරුවන් සඳහා ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වූ අවකාශයඋදා කරන්නෙමු.
  • දේශීය වෙදකම ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස සලකා කටයුතුකරන්නෙමු. ආයුර්වේද, පාරම්පරික සිංහල වෙදකම, යූනානි, සිද්ධ, හෝමියෝපති ඇතුළු සාම්ප්‍රදායිකවෛද්‍යවේදයන් ප්‍රවර්ධනය කිරීම උදෙසා රජය විශේෂයෙන් කැපවෙන අතර විකල්ප වෛද්‍ය සම්ප්‍රදායන්සඳහා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් සකස් කරනු ඇත.
  • ලොව විශිෂ්ටතම ගිලන්රථ සේවයක් ලෙස පිළිගත්,  මේ වන විට මහජනතාවගේ සුවිශාල ප්රසාදයට ලක් වීඇති, 1990 සුව සැරිය ගිලන්රථ සේවය ප්රවර්ධනය කොට ආරක්ෂා කරනු ඇත. එසේම මේ සත්කාර්යය පිණිස කෘත්රිම බුද්ධිය(AI) ඇතුළු නව්ය තාක්ෂණ ආම්පන්නභාවිතය තුළින්, දිවයිනේ සෑම ප්රදේශයකමමහජනතාවට අදටත් වඩා හොඳ සේවාවක් සැපයීමට කටයුතු සලසනු ඇත.
Download Health Charter

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න