ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම

  • දිගුකාලීන තිරසරභාවය සඳහා, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කළයුතු බවට යෝජනා කරමු. මෙයට රාජ්‍ය සේවකයින්, පුද්ගලිකඅංශයේ සේවකයින් සහ සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතුළු සියලුම පුරවැසියන්ට ප්‍රවේශ වියහැකි විශ්වීය (Universal), දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් නිර්මාණය කිරීම අන්තර්ගත වේ. රාජ්‍යසේවකයින්ට දැනට ලබාදෙන විශ්‍රාම වැටුප මූල්‍යමය වශයෙන් තිරසර නොවේ.
  • සියලු පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවපුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මාසිකව රු. 17,500ක සීමාවේ සිට අවම වැටුප මාසිකව රු. 25,000දක්වා හෝ සංශෝධනය කළ යුතු බවට යෝජනා කරන්නෙමු.
  • "ජන සවිය", "සමෘද්ධි", "අස්වැසුම","ගැමිදිරිය" යන සමාජ ආරක්ෂණ වැඩසටහන්වල යහභාවිතයන්උකහා ගනිමින්, පුළුල් නව වැඩපිළිවෙලක් සකස් කරමින්දිළිඳුකම ඉතිහාසයේ කොටසක් බවට පත් කරනු ඇත. නව වැඩසටහන මඟින් මාසිකව ප්‍රතිලාභී පවුල් සඳහා මාස 24ක් දක්වා රු.20,000ක දීමනාවක් ලබා දෙනු ඇත. නව වැඩසටහන දියත් කරන තුරු, අස්වැසුම ප්‍රතිලාභමුදල වැඩි කරමින් පහත පරිදි ලබා දෙනු ලැබේ
  • අවදානමටලක්වූ සහ සංක්‍රාන්තික පවුල්  සඳහා මසකටරු. 10,000 (රු. 5,000 සිට) දක්වා
  • දුප්පත්පවුල් සඳහා මසකට රු. 10,000 (රු. 8,500 සිට) දක්වා
  • අන්ත දිළිඳුපවුල් සඳහා මසකට රු. 15,000ක් බැගින්
  • මෙම නව වැඩසටහන සෘජුමුදල් ලබාදීමකට සීමා නොවන අතර ප්‍රතිලාභී පවුල්වල පරිභෝජනය, ඉතිරිකිරීම්, ආයෝජනය, නිෂ්පාදනය සහ අපනයන යන සියලු අංශයන් කෙරෙහි අවධානය යොමු කරන දැනුම,කුසලතා සහ ආකල්ප වර්ධනය කරන වැඩසටහනකි.
  • ශ්‍රීලංකාවේ දරිද්‍රතාවය තුරන් කිරීමේදී සමෘද්ධි වැඩසටහන විසින් ඉටු කර ඇති සුවිශේෂී කාර්යභාරයහඳුනාගනිමින්, නව වැඩසටහන ක්‍රියාත්මක කරන තුරු, වර්තමාන වැඩසටහනේ ප්‍රතිලාභීන් වැරදිලෙස තෝරා ගැනීම නිවැරදි කිරීම සඳහා විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කරනු ඇත. මෙය දැනටක්‍රියාත්මක වැඩසටහනෙන් අසාධාරණ ලෙස අත්හැරුනු සමෘද්ධිලාභීන් සහ ආර්ථික අර්බුදය හේතුවෙන්දුගී බවට පත් වූවන්ට සහනාධාර ලබාදීම සහතික කරනු ඇත. සමෘද්ධි බැංකුවල ප්‍රාග්ධනය ශක්තිමත්කෙරෙනු ඇත. එහිදී කළමනාකරණය වැඩිදියුණු කිරීම, සේවකයින් සඳහා තිරසාර වෘත්තීය මාර්ගනිර්මාණය කිරීම, අනිවාර්ය ඉතිරි කිරීමේ වැඩසටහන හා නිවාස ලොතරැයි වැනි ඵලදායී ව්‍යාපෘතිඅඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. එමෙන්ම සමෘද්ධි සේවකයින්ගේ දීර්ඝ කාලීන  කළමනාකරණ සහ විශ්‍රාම වැටුප් ගැටලු ද විසඳනු ඇත.
  • අපගේ ආර්ථිකය තුළ සැමවිටම සක්රීය ප්රජාවන් වෙතඉලක්කගත සහාය ලැබීම සහතික කරමින් QR කේත ක්රමය පාදක කර ගත් වැඩපිළිවෙලක් හරහා විශේෂඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නනෙමු. මෙම සහාය ගොවීන්,"ශක්ති" වී මෝල් හිමියන්, ත්රීරෝදරථ රියදුරන්, ධීවරයන්, සහපාසල් ප්රවාහන අංශයේ රියදුරන්ට ලබා දෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න