ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

මාධ්‍ය

  • 2024අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ ඇති ප්‍රකාශනයේ නිදහසටඑරෙහි වගන්ති ඉවත් කරන්නාවූ ද,  අන්තර්ජාල සේවාසපයන ආයතනවලට ස්වකීය ව්‍යවසායන් බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩසලසන්නා වූ ද,පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම නව රජයේ ප්‍රමුඛ කාර්යයක් වේ.
  • මුද්‍රිතසහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ක්ෂේත්‍රයන්හි සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා සැළකිල්ලටගනිමින් ජනමාධ්‍ය හා සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු සහ නියාමනයට අදාළ වගකීම්පැවරෙන  ස්වාධීන ජාතික මාධ්‍ය කොමිෂන්සභාවක් ඇති කරනු ඇත.
  • ප්‍රාදේශීයජනමාධ්‍යවේදීන් ද ඇතුළත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ රැකියා ස්ථාවරභාවයසුරැකීම සඳහා අවශ්‍ය වන්නා වූ නීතිමය රැකවරණය ලබාදෙන නව නීති සහ රෙගුලාසි පැනවීම සිදුකරනු ඇත.
  • බ්‍රිතාන්‍යයේ බී.බී.සී. මාධ්‍ය ජාලයේපවත්නා පරිපාලන මාදිලිය අනුගමනය කරමින් සෘජුවම පාර්ලිමේන්තුවට වගවන්නා වූ “භාරයක්"යටතේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ශ්‍රී ලංකාගුවන්විදුලි සංස්ථාව පාලනය කෙරෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න