ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

නිවාස හා පොදු පහසුකම්

  • අඩුආදායම්ලාභි සහ මධ්‍යම පාන්තික නිවාස යෝජනාක්‍රම ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම්ලබාදෙනු ඇත.
  • රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ අසම්පූර්ණනිවාස යෝජනා ක්‍රම කඩිනමින් අවසන් කරනු ඇත. සියලු දෙනා සඳහා සාධාරණ ජීවන තත්ත්වයන්සහතික කරනු වස් අලුතින් ගොඩනඟනු ලබන විවිධාංගීකරණය වූ නිවාසයෝජනාක්‍රමය තුළ ග්‍රාමීය, නාගරික,කඳුරට, ආපදාවන්ගෙන් බලපෑමට ලක්වූ පළාත්සහ ධීවර ප්‍රජාවන් ප්‍රමුඛතාගත කෙරෙනු ඇත.
  • නිවාසසහ වාණිජ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍යවන අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී දැනට පනවාඇති අධික බදු ඉවත් කර ඉදිකිරීම් වියදම අඩු කර ගැනීම සඳහා පියවර ගනු ඇත.
  • සිය පළමු නිවාස එ්කකය මිලදී ගනුලබන හෝ නිවාස ඉදිකිරීම සඳහා පළමු ඉඩම් කට්ටිය මිලදී ගනුලබන කුටුම්භයන් සඳහා අවම පොළියට දිගු කාලීන ගෙවුම් විකල්ප මත විශේෂ නිවාස ණය යෝජනාක්‍රමයක් (Two Generation Loan) හඳුන්වාදෙනු ඇත.
  • විදුලි බලය,ඛනිජ තෙල්, ගෑස් සහ ජලය ද ඇතුළත්සියලු උපයෝගිතාවන් ආශ්රිත නියාමනයන් සහතික කරනු පිණිස ශ්රීලංකා මහජන උපයෝගිතාකොමිෂන් සභාව (PUCSL) බලගැන්වෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න