ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

ආගමික හා සංස්කෘතික කටයුතු

  • කරුණාව, මෛත්‍රීය, උපේක්ෂාව හාමුදිතාව පතුරවන දැහැමි සමාජයක් ගොඩනැගීමට කැපවෙමු. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයපිරිනමමින් බුද්ධශාසනය පෝෂණය කොට සුරක්ෂිත කරන අතර අනෙකුත් ආගම් අදහන තැනැත්තන්ගේඅයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, කැමති ආගමක් ඇදහීමේ හා වන්දනාමාන කිරීමේ ඇති මූලිකඅයිතිය තහවුරු කිරීමටත් කටයුතු කරන්නෙමු.
  • දහම් පාසල්, පිරිවෙන්හා ආගමික අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු ඇත.
  • අන්තර් ආගමික අධ්‍යාපනය පාසල් විෂය මාලාව තුළට ඇතුළත්කොට තමන් අදහන ආගමට අමතර අනෙක් ආගම් පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ළමා පරපුරට ලබාදීමසඳහා පියවර ගනු ඇත.
  • කෘත්‍රිම බුද්ධිය (AI) මානුෂවාදීවසහ සදාචාරාත්මකව වැඩි දියුණු කිරීමෙහිලා බෞද්ධ දර්ශනයෙන් හා අනෙකුත් ආගමිකදර්ශනයන්ගෙන් ලබා ගත හැකි ආදර්ශ සම්බන්ධ පර්යේෂණ පිණිස රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනුඇත.
  • කලා නිර්මාණයන් සඳහා පවත්නා සියලු වාරණයන් ඉවත්කරන්නෙමු. ඒ වෙනුවට නිර්මාණ වර්ගීකරණයට හා ඇගයීමට නිශ්චිත යාන්ත්‍රණයක් ස්ථාපිතකරන්නෙමු.
  • පාරම්පරික කලාකරුවන්ට වෘත්තීය ජීවිතය උසස් තත්ත්වයකටපමුණුවා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමු.
  • කලා නිර්මාණ සඳහා වන බුද්ධිමය දේපල ගැටලු විසඳීම සඳහාවිශේෂ ඒකකයක් බුද්ධිමය දේපල කාර්යාංශය තුළ පිහිටුවීම සිදු කරන්නෙමු.
  • ඩිජිටල් පොකුරු සිනමා ශාලා ප්‍රවර්ධනය කරමින් ලාංකීක ප්‍රේක්ෂකයාසිනමා ශාලා වෙත ආකර්ෂණය කර ගැනීමට කටයුතු කරන්නෙමු.
  • විත්ර, මූර්ති, ඡායාරූප, සංගීත නාට්ය ඇතුළුසංස්කෘතික හා කලා කටයුතු සඳහා වන පුහුණු හා ප්රදර්ශන සංවිධානය කිරීම සඳහා වනනිදහස් කලා අවකාශ සෑම දිස්ත්රික්කයකම ස්ථාපිත කරන්නෙමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න