ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

විදෙස්ගත ශ්‍රමිකයන් සහ සේවා නියුක්තිය

  • ශ්‍රී ලංකාවටසුවිශේෂී ඩිජිටල් අනන්‍යතා ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව විදෙස්ගතසේවා නියුක්තිකයන් සඳහා වූ නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් බදු නිදහස්වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ඇත. විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදුලි වාහනසඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනු ඇත.
  • විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වඩාත් කාර්යක්ෂම සහඵලදායී අයතනයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය හා පරිපාලන ප්‍රතිසංස්කරණසිදු කරනු ඇත.
  • විදේශගත ශ්‍රමිකයින්ට විදේශයන්හි සිට ඡන්දය ප්‍රකාශකිරීමට හැකි වන පරිදි මැතිවරණ නීතිය සංශෝධනය කරනු ලැබේ.
  • මැද පෙරදිග සහ වෙනත් රටවල සිරගත වී සිටිනහෝ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි දුෂ්කර තත්ත්වයන්වලට මුහුණ දීසිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරනු ඇත.
  • පෞද්ගලික අංශයේ සියළු සේවා නියුක්තිකයන්ට දායකත්ව රක්ෂණාවරණක්‍රමයක් සහ විශේෂ නිවාස වැඩසටහනක් ක්‍රියාවට නංවනු ඇත.
  • ගෘහ සේවය නියාමනය කිරීම සඳහා නීති පැනවීම, රැකියාස්ථානයේ හිරිහැර කිරීම් වැළැක්වීම, අදාළ ජාත්‍යන්තර කම්කරු සංවිධානමය සම්මුතීන්අනුමත කිරීම සහ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා කම්කරු නිලධාරීන්ගේ අධීක්ෂණය වර්ධනයකිරීමට පියවර ගනු ලැබේ.
  • කෙටිකාලීන රැකියා සහිතනිදහස් වෙෙළඳපළ ක්රමයේ (Gig economy) ස්වයං රැකියාගත වූවන් සහ ගෘහ සේවකයන්ගේ හිමිකම් සහ ආරක්ෂක ජාල බලගැන්වෙනුඇත. නව නීති හඳුන්වා දෙමින් දායකත්ව ඉතුරුම් යෝජනාක්රමයක් ද හඳුන්වා දෙන්නෙමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න