ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

“මලෛයි ජන ප්‍රජාව” වෙනුවෙන්

සියවස් දෙකක් පුරා මලෛයි ජන ප්රජාව  ප්රජාව විසින් ශ්රීලංකාවට ලබාදීඇති අතිමහත් දායකත්වය පිළිගන්නෙමු. ඔවුන් විසින්අත්විඳින ලද ව්යුහාත්මක බැහැරකරණය සැළකිල්ලට ගත් කල එම පිරිස්වල යහසාධනයවැඩිදියුණු කරනු වස් ධනාත්මක ක්රියාමාර්ග ගත යුතු බැව් වටහාගෙන සිටිමු. ඒ උදෙසාපහත සඳහන් ක්රියාමාර්ග ඔස්සේ ක්රියාත්මක වන්නෙමු:

  • විද්‍යාව, ගණිතයසහ තාක්ෂණවේදය යන විෂය ධාරාවන් සහිත ජාතික පාසල් ස්ථාපනය ද ඇතුළත්ව ඉලක්කගතවැඩසටහන් හරහා සියලු මට්ටම්හි කඳුරට වතු සිසුන්ගේ අධ්‍යාපනික සාර්ථකත්වයන් ඉහළ නංවාලීමසහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • විද්‍යාව, තාක්ෂණවේදය,ඉංජිනේරු විද්‍යාව, කලා සහ ගණිතය (STEAM)යන විෂයයනට අදාළව ගුරුවරුන් පුහුණු කරනු වස් දෙමළ මාධ්‍යයෙන් අතිරේක අධ්‍යාපන විද්‍යාපීඨයක් සහ හෙද පුහුණ ආයතනයක් ස්ථාපනය කිරීම.
  • ශ්‍රී ලංකා කඳුකර විශ්වවිද්‍යාලය (HUSL)යන යෝජිත නම සහිතව පරිපූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමේ පළමු පියවරක් වශයෙන්දැනට පවත්නා විශ්වවිද්‍යාලයකට අනුබද්ධව හැටන් ප්‍රදේශයේ මණ්ඩපයක් ආරම්භ කිරීම.
  • කඳුරට වතුකර තරුණ තරුණියන් හට ඉලක්කගත සහ ප්‍රවේශ වීමේහැකියාව සහිත වෘත්තීය පුහුණු වැසටහන් සම්පාදනය කිරීම.
  • වතු අංශයේ සියලු සෞඛ්‍ය පහසුකම් ජාතික සෞඛ්‍ය පද්ධතීන්හා ඒකාබද්ධ කිරීම.
  • ළමුන් අතර මිටි වීමේ ප්‍රවණතාව, ප්‍රජනනවයස් සීමාවන්හි කාන්තාවන් අතර රක්තහීනතාවය, ළදරුසහ මාතෘ මරණ පිළිබඳ ගැටලු විසඳීම කරනු පිණිස ඉලක්කගත සහාය වැඩසටහනක් ක්‍රියාත්මකකිරීම.
  • වතු ජන ප්‍රජාවන්ගේ සමාජ ආරක්ෂණ වැඩසටහන සාධාරණ හායුක්ති සහගත ලෙස ක්‍රියාත්මක කරන බවට වගබලා ගැනීම.
  • වතු කම්කරුවන්, ඉඩම් හිමිකුඩා වතු හිමි ගොවීන් බවට පරිවර්තනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් හඳුන්වා දී ක්‍රියාත්මකකිරීම.
  • මෙම සංක්‍රමණීය කාල පරිච්ඡේදය තුළ වතු කම්කරුවන් හටජීවත්වීමට සරිලන වැටුපක් සහතික කිරීම.
  • වගා කටයුුතු, සත්ත්වපාලනය සහ ව්‍යවසායකත්ව කටයුතු ආදී ජීවනෝපාය අවශ්‍යතාවන් සඳහා වතුවලට අයත් අත්හැරදමන ලද ඉඩම් වතු ආශ්‍රිත පදිංචිකරුවන් අතර බෙදා දීම. වතුකරයේ පදිංචිකරුවන් විසින්දැනටමත් වගා කටයුතු සිදු කරමින් පවත්නා ඉඩම්වලට රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාර ඔප්පුලබාදීම.
  • මලෛයි ප්‍රජාවන් ප්‍රමාණවත් ලෙස ආවරණය නොවන  ප්‍රදේශයන්හි රාජ්‍ය සේවයේ සේවා නියුක්තිය සඳහාජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ ප්‍රතිපත්තිය හා සමාන්තරව ධනාත්මක ක්‍රියාකාරීවැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. ඒ අනුව වතුකර ප්‍රදේශයන්හි නව ගම්මාන ස්ථාපනය සහ NEVIDA වෙතඑහි විධි නියමය සපුරාලීමට හැකිවනු පිණිස ප්‍රමාණවත් සම්පත් ලබාදීම. නව ග්‍රාමනිලධාරි සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමා නිර්ණය කොට වතු සේවකයන් වතු හිමියන් වෙතබැඳී පවත්නා මට්ටමේ සිට පරිපූර්ණ පුරවැසියන් බවට පරිවර්තනය වීමේ හැකියාව ලබාදෙනවිමධ්‍යගත රාජ්‍ය සේවාවන් වෙත සම ප්‍රවේශ අවස්ථා ලබාදෙනු ලබන බවට වගබලා ගැනීම.
  • වතු ආශ්‍රිතව පදිංචි පවුල්වලට නිවාස තැනීම සඳහා හිමිකම්ඔප්පු සහිත ඉඩම් ලබාදෙනු ලබන බවට සහතික කිරීමේ නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ගගැනීම. එම ඉඩම්, මාර්ග වෙත පහසු ප්‍රවේශයන් සහිත ස්ථානයන්හි ස්ථානගතවපවතිනු ඇත. බෙදාදෙනු ලබන ඉඩමේ වපසරිය එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සෙසුපිරිස් වෙත ලබාදෙන ලද ඉඩම් වපසරියට සමාන වනු ඇත.
  • වැවිලි මානව සංවර්ධන භාරය (PHDT),ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (NHDA)හා සෙසු රජයේ වැඩසටහන් යටතේ දැනටමත් ගොඩනඟා ඇති නිවාසවලට හිමිකම් ඔප්පු ලබාදීමෙන්ඒවා නියමානුකූල කිරීම.
  • නාගරික කේන්ද්‍ර තුළට සංක්‍රමණය වන දෙමළ ජනතාව අඩුආදායම් නිවාස වැඩසටහන් ද ඇතුළත් සමාජ ආරක්ෂණ ජාල වැඩසටහන් තුළට ඒකාබද්ධ කිරීමසහ මෙම පවුල්වල දරුවන්ට ඉඩකඩ සැලසෙන පරිදි ප්‍රදේශයේ පාසැල්වල සම්පත් වැඩිදියුණුකිරීම.
  • කාර්යක්ෂමහා තාර්කික බලය බෙදාහැරීම සහතික කරනුවස් වතුකර ප්‍රදේශයන්හි පළාත් පාලන ආයතන සංඛ්‍යාවන්සමාලෝචනය කරන්නෙමු.
  • කඳුරට වතු ජනතාවගේවිසිර පැතිර පවත්නා රටාව සැළකිල්ලට ගනිමින් සංවර්ධන වැඩසටහන්වල නිරත වීම සඳහා අවශ්යඋපදේශාත්මක සහ විධායක බලතල සහිතව, කඳුරට වතු දෙමළජන ප්රජාවන්ගේසංස්කෘතික,සමාජ,ආර්ථික සහ දේශපාලනජීවිත වෙත යම් බලපෑමක් සහිත පනත් කෙටුම්පත් සහ නීති අධීක්ෂණය කොට විමසා බැලීම සඳහාආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ ක්රියාවලියක් තුළ රජයේ ආයතනයක් වශයෙන් භෞමිකසීමාවට යටත් නොවන ප්රජා සභාවන්  (Non-TerritorialCommunity Councils) නිර්මාණය කිරීම.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න