ආදායම් වර්ධනයක් අත්කර ගැනීම

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ආදායම් වර්ධනයක් අත්කර ගැනීම

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා පවත්නා එකම විසඳුම බදු ඉහළ නැංවීමපමණක් නොවේ. ආදායම වර්ධනය කිරීම, වියදම් සහ දූෂණ අවම කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම අපගේ මූලික කටයුත්තක් වේ. එසේම වෘත්තිකයන්ට විදේශ රැකියා වෙත යොමු වීමට බල කරනඅසාධාරණ බදු ව්‍යුහයන් සංශෝධනය කරන්නෙමු.

සමස්ත ආදායම් ඉලක්කවලට බාධාවක් නොවන පරිදි මධ්යමපාන්තිකයන්ගේ අධික ජීවන බර සැහැල්ලු කිරීම ඉලක්ක කරගත් අප යෝජනා කරන  සංශෝධිත බදු ව්යුහයේ ඇතැම් විශේෂ අවස්ථා පහතපරිදි වේ:

o  පුද්ගල ආදායම් බද්ද: මාසිකව රු. 100,000බදු නිදහස් කාණ්ඩයෙන් අනතුරුව පුද්ගල ආදායම් බද්ද 1%ක අගයකින් ආරම්භ වී මාසිකවමිලියන භාගයක පමණ ආදායමක් දක්වා 24% කට සීමා වනු ඇත. ඉනික්බිති, වඩාඉහළ ආදායම් ලබන්නන් සඳහා වත්මන් අනුපාතයන් අදාළ කෙරෙනුඇත.

o  ආයතනික ආදායම් බද්ද: අපනයන මත ලාභ සඳහා දැනට පවතින 30% අනුපාතය6% දක්වාඅඩු කිරීමට සහ බහුජාතික සමාගම් සඳහා 15%  පදනම් ඛාදන හාලාභ විතැන්කරණ (Base Erosionand Profit Shifting)අවම විකල්ප බද්දක් හඳුන්වා දීමට අදහස් කරමු.

o  එකතු කළ අගය මත බද්ද: බදු දැල පුළුල් කරනු පිණිස පොදුඩිජිටල් යටිතල පහසුකම් හරහා බදු එකතු කිරීම වැඩිදියුණු වූ පසුඑකතු කළ අගය මත බද්ද 15% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන්නෙමු. අත්යවශ්ය ආහාරවලටඅමතරව පාරිභෝගික ද්රව්ය ලෙස හඳුනාගත් ඇතැම් අයිතම එකතු කළ අගය මත බද්දෙන් නිදහස්කරනු ඇත.

සිගරට් සහ මධ්යසාර සඳහානිෂ්පාදන බද්ද සහ කැසිනෝ සඳහා වන බද්ද,  බදු අවම කිරීම සඳහා වන අරමුදල් සැපයීමට භාවිතාකරනු ඇත.

o  ජ්යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සඳහා සහතික කළ 15%ක්දක්වා පොලී අනුපාතයක් ලබා දෙනු ඇත.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න