විනිවිදභාවය සහ වගවීම

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

විනිවිදභාවය සහ වගවීම

ශක්තිමත් දූෂණ විරෝධී නීති හඳුන්වා දීම සහ වත්මන්නීති රාමුව ක්‍රියාත්මක කිරීම මඟින් යුක්තිය ඉටු කිරීම වේගවත් කරනු ඇත. සොරකම් කරනලද වත්කම් යළි ලබා ගැනීම සහ රටේ පරිපාලන පද්ධතියේ පැතිර පවතින දූෂණ මැඩපැවැත්වීමසඳහා ශක්තිමත් වැඩසටහනක් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත. දූෂිත පුද්ගලයන් යුක්තියඉදිරියට ගෙන ඒම සඳහා දේශපාලන මැදිහත්වීම්වලින්  තොර ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට  නීති සංශෝධනයක් මගින් සිදුකෙරෙනු ඇත. රාජ්‍ය ප්‍රසම්පාදනය විනිවිදභාවයෙන් යුතුව, දූෂණයෙන්තොරව සහ කාර්යක්ෂමව සිදු කරන බවට සහතික වීම සඳහා මහජන ප්‍රසම්පාදන පනතක් සම්මතකරන්නෙමු. සියලුම රජයේ ප්‍රසම්පාදන ඩිජිටල් වේදිකාවකට මාරු කෙරෙනු ඇත.

පාරිභෝගිකයාට හොඳම ගුණාත්මකභාවය සහ මිල ලබා දීමසඳහා, තරඟකාරී නීතියක් වහාම හඳුන්වා දීමතුළින් ඒකාධිකාරී සහ කිහිපදෙනෙකුගේ ආධිපත්‍ය සහිත හැසිරීම් නිවැරදි කෙරෙනු ඇත.

රාජ්ය මූල්ය කළමනාකරණයේ විනිවිදභාවය ඇතිකරන්නෙමු. රජයේ වියදම්  සැලසුම සහ ණයකළමනාකරණ උපායමාර්ග මෙන්ම බදු පරිපාලනය පිළිබඳව ද සම්පූර්ණ තොරතුරු මහජනතාවටලබාදෙනු ඇත. පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ උපරිම සහාය ලබා ගනිමින්, මින් ඉදිරියට රජයේ සියලුම බදු සහවියදම් යෝජනා පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයක් සැපයෙනු ඇත.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න