විදුලි බලය සහ බලශක්තිය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

විදුලි බලය සහ බලශක්තිය

  • පාරිභෝගිකයින්ටසාධාරණ සහ තරඟකාරී මිල ගණන් යටතේ විදුලිය සැපයීම සහතික කිරීම සඳහා විදුලිබල අංශයේ දූෂණයසහ අකාර්යක්ෂමතාව තුරන් කිරීමට අවශ්‍ය නීති සංශෝධන සහ පරිපාලන වෙනස්කම් සිදු කෙරෙනුඇත.
  • විදුලිය, ඛනිජ තෙල් සහ ගෑස් යන ක්ෂේත්‍රවල දේශීය හා විදේශීය ආයෝජන දිරිගැන්වෙන අතර,සම්පූර්ණයෙන්ම දූෂණයෙන් තොර සහ කාර්යක්ෂම ලෙස විදුලිය මිලදී ගැනීමසඳහා ලෝක සම්මතයන්ට  අනුකූල ක්‍රමයන්  හඳුන්වා දෙනු ඇත.
  • දැනටමත්ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1,300ක් එකතු කර ඇති "සූර්යබලශක්ති සටන" (Battle for Solar Energy) ව්‍යාපෘතියතවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. සහන පොලී අනුපාත යටතේ "සූර්ය බලාගාර" ඉදිකිරීමට නිවාස හිමියන් සහ කර්මාන්තකරුවන් දිරිගන්වනු ලැබේ. වසර 5ක් තුළ නිවාස මිලියනයක් සූර්ය බලශක්තියෙන් සවිබල ගැන්වීම මෙහි අරමුණ වේ.
  • මෙගාවොට් 1,200කඅක්වෙරළ (Off-shore) ඉදිකරන සුළං විදුලි ව්‍යාපෘතියක්සඳහා ප්‍රමුඛතාව ලබාදෙන අතර රට තුළ (On-shore) සුළංවිදුලි බලය සහ සූර්ය විදුලි  බලයප්‍රවර්ධනය කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු තරඟකාරී ක්‍රමවේදයන් හඳුන්වා දෙනු ඇත.එමගින් දේශීය සහ විදේශීය ආයෝජකයන් දිරිමත් කිරීම අපේක්ෂා කරනු ලැබේ.
  • ශ්‍රීලංකාවේ විදුලි පද්ධතිය වසර 05ක් තුළ සුහුරු පද්ධතියක් (SmartGrid) බවට පත් කරනු ඇත.
  • දැනට පවතිනතාප බලාගාර ධ්‍රැවිකෘත ස්වභාවික වායු මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නවීකරණයන්වසර 02ක් තුළ සම්පූර්ණ කරන අතර දේශීය බලශක්ති අවශ්‍යතා උදෙසා ස්වභාවික වායු,ධ්‍රැවිකෘත ස්වාභාවික වායු සහ සම්පීඩිත ස්වාභාවික වායු භාවිතා කිරීම සඳහා අවශ්‍යවන යටිතල පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික මැදිහත්වීමෙන් ලබා දෙනු ඇත.
  • සුළං සහ සූර්යවිදුලි ක්ෂේත්‍ර ඇතුළත් පුනර්ජනීනය බලශක්ති ප්‍රභවයන්වලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ නිපදවීමසහ නඩත්තු කිරීමට අදාළ පහසුකම් රට තුළ ඇතිකිරීමට අවශ්‍ය කටයුතු රාජ්‍ය සහ පෞද්ගලිකඅංශවල මැඳිහත් වීමෙන් සිදු කරනු ඇත.  
  • 2024 අංක 36දරණ විදුලිබල පනත තුළ අන්තර්ගත විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම්වලට එරෙහි සහ පාරිභෝගිකයින්ගේඅයිතිවාසිකම්වලට එරෙහි ප්‍රතිපාදන ඉවත් කර,කාර්යක්ෂම සුහුරු විදුලි පද්ධතියක් රට තුළ ගොඩනැගීමට ප්‍රමුඛතාව ලබාදෙනු ඇත.
  • ශ්‍රී ලංකාවේතිරසර බලශක්ති විභවය සැළකිල්ලට ගත් කල අපගේ දේශීය අවශ්‍යතා ඉක්මවා ගොස් අපනයනය කිරීමේසුභදායී අවස්ථාවක් පවතී. හරිත හයිඩ්‍රජන් නිෂ්පාදන කාර්යයෙහි නිරතවෙමින් එ් සඳහා සෘජු විදේශ ආයෝජන වෙත ආරාධනා කරන්නෙමු.
  • ප්‍රාදේශීය බලශක්තිසම්බන්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙමු.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න