බලශක්ති සහ උපයෝගිතා ප්‍රතිසංස්කරණ

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

බලශක්ති සහ උපයෝගිතා ප්‍රතිසංස්කරණ

විදුලිබලසහ බලශක්ති ක්ෂේත්‍රයන්හි අපගේ ප්‍රවේශය තුළ පුද්ගලික අභිමතය අවම කරන විනිවිදපෙනෙන, ස්වයංක්‍රීයපාලන පද්ධති ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතිඅතර, පුද්ගල අභිමතාර්ථ ප්‍රකාරව හැසිරවීමසඳහා අවකාශ සලසන හිඩැස් වසා දමමින්  නොකැඳවූ යෝජනා (Unsolicitedproposal) කෙරෙහි යොමු වීම සඳහා 'ඩීල්කරුවන්‘ වෙතපවත්නා දිරිගැන්වීම් ඉවත් කෙරෙනු ඇත.

ජනනය හා බෙදාහැරීම ආශ්‍රිත තරඟකාරීත්වයක්නිර්මාණය කිරීම අවශ්‍ය වන අතර, එ්කාධිකාරී බලය සහඅකාර්යක්ෂමතාව හේතුකොට ‍ගෙන ඉස්මතුවන අධික බලශක්ති පිරිවැයෙහි බර පාරිභෝගිකයා සහකර්මාන්තය විසින් දැරිය යුතු නොවේ. පිරිවැය පිළිබිඹු කරන්නාවූ විදුලිගාස්තු ක්‍රමයට සහාය දක්වන නමුදු මෙම පිරිවැයෙන් විදුලිය මිලදී ගැනීමේගිවිසුම් තුළ සිදුවන දූෂණයන් සහ අකාර්යක්ෂමතාවේ බර ඉවත් විය යුතුය.

නව විදුලිබල පනතින් යෝජිත ව්‍යුහයනැවත තක්සේරු කොට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේකාර්යක්ෂමතාව සහ පිරිවැය ඵලදායකත්වය නංවාලනු වස් සංශෝධන නිර්දේශ කරන්නෙමු. අපගේ ප්‍රමුඛතාවන්තුළට සාධාරණ විදුලි වෙළෙඳපළක් ස්ථාපනය කිරීම, පාරිභෝගිකයහපත ආරක්ෂා කිරීම, වගවීම වැඩි කිරීම හා කර්මාන්තයනිර්-දේශපාලනීකරණය ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවකලාපීය පුනර්ජනනීය බලශක්ති  මර්මස්ථානයක්බවට පත් කිරීම ඉලක්ක කොටගෙන, 2030 වනවිට පුනර්ජනනීය බලශක්ති ජනනයෙන් 70%ක ඉලක්කයසපුරා ගැනීම පමණක් නොව එම සීමාව ඉක්මවා යාම ද අපගේ ඉදිරි දැක්ම වේ.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න