ආර්ථික අභිවෘද්ධිය උත්තේජනය කිරීම

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ආර්ථික අභිවෘද්ධිය උත්තේජනය කිරීම

ආර්ථික වර්ධනයේ ප්රධාන ධාවකයා ලෙස මහා පරිමාණසහ සුළු පරිමාණ පුද්ගලික ව්යවසායයන් සමඟින් එක්ව ගෝලීය වශයෙන්සම්බන්ධිත සමාජ වෙළෙඳපළ ආර්ථිකයක් බවට ශ්රී ලංකාව පරිවර්තනය කිරීමට අප රජය කැපවීසිටිනු ඇත. මෙම පරිවර්තනය සඳහා ප්රධාන ක්රියාමාර්ග දෙකක් අවශ්ය වේ: වෙළඳලිබරල්කරණය සහ සෘජු විදේශ ආයෝජන හරහා ගෝලීය ආර්ථික ඒකාග්රතාව වැඩි දියුණු කිරීමසහ නිෂ්පාදන සහ ශ්රම වෙලඳපොල ඇතුළුව දේශීය වෙලඳපොල නිදහස් කිරීම වශයෙනි. ඵලදායී වෙළෙඳපළ සංඥා සහතික කිරීම මගින් ජාතික සංවර්ධනයසඳහා පුද්ගලික අංශයේ සම්පූර්ණ සහභාගීත්වය සඳහා ඉඩ සලසනු ඇත.

කෘෂිකාර්මිකප්‍රතිසංස්කරණ

කෘෂිකාර්මික අංශයන්හි විවිධ ක්ෂේත්‍රවලපැන නැගී ඇති අභියෝග  විසඳීමට කැපවන්නෙමු. පැරණි නීති නවීකරණය කළ යුතුව පවතී. කෘෂිකර්ම වෙළෙඳපළ පහසුකම්කරණය ද, වාරි සහ වැව් ප්‍රතිසංස්කරණයද, මූල්‍ය හා රක්ෂණ පහසුකම් ද ලබා දිය යුතුව ඇත.

පුද්ගලිකව එක් එක් ගොවි මහතුන්සම්බන්ධයෙන් ගත් කල, නිෂ්පාදනයකරනු ලබන්නේ කවර භෝගයක්ද,කොපමණද සහ කවදාද යන්න පිළිබඳතොරතුරු ලබාගැනීමේ සිට මූල්‍ය යෙදවුම් සහ වගා චක්‍ර කළමනාකරණය දක්වා විහිදෙන සමස්තඅගය දාමය වැඩිදියුණු කළ යුතුව පවතී. ඉනික්බිති ගබඩාකරණය, සැපයුම්සේවාවන්හි සිට අලෙවිය දක්වා සිදු කෙරෙන පසු අස්වනු  කළමණාකරණයට අදාළ ප්‍රශ්න විසඳිය යුතුව පවතී.

ග්‍රාමීය දිළිදු බව අවම කිරීම,ඵලදායීතාව ඉහළ නැංවීම සහ ග්‍රාමීයඅංශයේ වර්ධනය ඉහළ නැංවීම සඳහා වේගවත්, සුහුරු තාක්ෂණය මත පදනම් වූ කෘෂිකාර්මික නවීකරණවැඩසටහනක් ක්‍රියාත්මක කරන්නෙමු. මෙයට වී, එළවළු සහ වැවිලි භෝග වගාවේ සිට විකිණීම දක්වා,ආරක්ෂිත කෘෂිකර්මය,ජල එසැවුම් වාරි කටයුතු (lift irrigation), බිඳු ජල ඉසුම් වාරි කටයුතු (drip irrigation) සහ ඇතැම් විට කෘත්‍රිම බුද්ධි-සහයෝගී හයිඩ්‍රොපොනික් ගොවිතැන වැනි නවෝත්පාදන ඇතුළත්වේ. ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) දියත් කිරීමත් සමඟ මෙම උත්සාහය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇත.

සහල් මිල පහත හෙළීම සහ එමමිලෙහි පවත්වා ගැනීම සඳහා ‘ශක්ති’ සහල් මෝල් හිමි දීප ව්‍යාප්ත සමුපකාර වැඩසටහනනැවත හඳුන්වා දෙන්නෙමු. 40%ක්  පමණ වන පසු අස්වනු හානිය අවම කිරීම සඳහාදේශගුණික පාලනය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික නිෂ්පාදන ගබඩා ජාලයක් වන ‘ප්‍රභාෂ්වර’වැඩසටහන  කඩිනමින් රට පුරා ස්ථාපිතකරන්නෙමු. මෙය ද ආහාර මිල අඩු කිරීම සඳහා දායක වනු ඇත.

කර්මාන්තසංවර්ධනය: ගෝලීය අගය දාමයට සම්බන්ධ වීම

මේ දක්වා ප්‍රයෝජනයටගෙන නොමැති පුහුණු කළ හැකි ශ්‍රම බලකාය සහ අපගේ උපායමාර්ගික පිහිටීම උපයෝගී කරගනිමින් කොටස් වශයෙන් වූ සංරචක (Sliced Components) නිෂ්පාදනය කිරීමෙන් ආරම්භ වනගෝලීය නිෂ්පාදන අගය දාම (GlobalManufacturing Value Chains) වෙත ශ්‍රී ලංකාව සම්බන්ධ කෙරෙනු ඇත. මෙහිදී, මිනිරන්ඇතුළු තීරණාත්මක වැදගත්කමකින් යුත් ද්‍රව්‍යවල පරිවර්තනයන් භාවිතා කරමින් ගෝලීයඉලෙක්ට්‍රොනික සහ විදුලි භාණ්ඩ නිෂ්පාදනය මෙන්ම විදුලි වාහන උපාංගනිෂ්පාදනයන් සමඟ ද ඒකාබද්ධ වීමට සැලසුම් කරන්නෙමු. ඇඟලුම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වයතවදුරටත් ඉදිරියට ගෙන යාමට ද අප රජය කැපවෙනු ඇත.

අගයනිර්මාණයේ ප්‍රධාන සාධකයක් වන සේවාවන්

සේවා අංශය සංවර්ධනසැලැස්මේ ප්‍රධාන සංරචකයකි. විද්‍යුත් වාණිජකරණය සහ තොරතුරු තාක්ෂණ සේවාවන් හරහාශ්‍රී ලංකාව සැපයුම් සේවා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනයකිරීමෙහි ලා අපගේ අවධානය යොමුවනු ඇත.

ක්ෂුද්ර,කුඩා හා මධ්ය පරිමාණ කර්මාන්ත(MSMEs)සහ නව ව්යාපාර පරිසර පද්ධතිය

ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ආරම්භක ව්‍යාපාර ආර්ථික වර්ධනයට දායක වනවිශාල ආයතන මෙන්ම සමස්ත අගය එකතු කිරීම්වලින් අඩකට සහ සමස්ත රැකියා වෙ‍ෙළඳපළේ අඩකටපමණ දායක වේ. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තදිගු කලක් කොවිඩ් වසංගතය නොසළකා හැර පැවති අතර විශේෂයෙන්වසංගතය සහ ඉන් පසුව එළැඹි ආර්ථික බිඳවැටීම හේතුවෙන් වර්තමානයේ අර්බුදයට ලක්ව ඇත.ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ඉහළ වර්ධනය සඳහා ප්‍රධාන දායකයෙකු බවට පත්වනු පිණිස ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට ඩිජිටල් ප්‍රවේශනය,ප්‍රාග්ධනය සහ පුහුණු වැඩසටහන් ලබාදීම සිදු කරනු ඇත.

වරායනගරය

මූල්‍යතාක්ෂණය, ජෛව තාක්ෂණය සහ නැනෝ තාක්ෂණය ද ඇතුළත් තාක්ෂණික සේවාසඳහා ආසියාවේ කලාපීය මධ්‍යස්ථානය බවට වරාය නගරය පත් කිරීමට අවශ්‍ය නීති සංශෝධන ගෙනඑන්නෙමු.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න