ධීවර හා ජලජ සම්පත්

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ධීවර හා ජලජ සම්පත්

නීල ආර්ථික (Blue economy)  මූලධර්ම මත පදනම්ව ශ්රී ලංකාමුහුදු සීමාව තුළ ජලජ සම්පත් උපරිම උපයෝජනය සිදු කරමින් රාජ්ය - පෞද්ගලික අංශහවුල්කාරිත්වයන් (PPP) හරහා තිරසර ආර්ථිකකටයුතු ප්රවර්ධනය කරන්නෙමු.

  • ධීවර ප්‍රජාවගේ ආර්ථික ශක්තිය නැංවීම උදෙසා රාජ්‍ය හාපෞද්ගලික බැංකු මාර්ගයෙන් ව්‍යවසායකයින්ට අඩු පොළී ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම හාඔවුන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය පිණිස විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක  කරනු ඇත.
  • කෘත්රිම බුද්ධිය (AI) හා Internet of Things (IoT)වැනි තාක්ෂණයන් භාවිතය තුළින් ගැඹුරු මුහුදේ මත්ස්ය අස්වැන්න පුරෝකථනවැඩපිළිවෙළ දියුණු කිරීම හා එම තොරතුරු ධීවර ජනතාව වෙත එසැණින් සන්නිවේදනය සඳහාඅවශ්ය සරල ක්රම සැකසීම සිදු කරනු ඇත.
  • ධීවර සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අවශ්යපියවර ගැනීම හා ඒ මඟින් ධීවර ප්රජාවගේ ආර්ථික ශක්තීන් වැඩි දියුණු කිරීමට විකල්පආදායම් මාර්ග ඇති කරයි. ධීවර පවුල්වල කාන්තාවන් විකල්ප ව්යවසායකත්වයන් සඳහා යොමුකිරීම වෙනුවෙන් පුහුණු කිරීම සහ දිරි ගැන්වීම සිදු කරනු ඇත.
  • දිවයින පුරා මත්ස්ය සම්පත් බෙදා හැරීම විධිමත් කිරීමතුළින්, දිවයිනේඕනෑම ප්රදේශයක ජීවත් වන්නන්ට අළුත් මාළු ලබා ගැනීමේ හැකියාව ඇති කිරීම.
  • රට අභ්යන්තරයේ පවත්නා ජල මාර්ගයන්හි ප්රයෝජනයට නොගත්විභවතාවන් අවබෝධ කරගනිමින්, ජාතික ධීවරකර්මාන්තයේ ප්රධාන සංරචකයක් ලෙස මිරිදිය ධීවර කර්මාන්තය නඟා සිටුවීමට රජය විසින්අදහස් කරනු ලබයි.
  • සරල නීති රෙගුලාසි සහ ඉලක්කගත අලෙවිකරණ ක්රමෝපායයන්ද ඇතුළත් වර්ධනය කරන ලද සහාය උපායමාර්ග හරහා විසිතුරු මත්ස්ය කර්මාන්තය සහ එහිඅපනයනයන් සඳහා අවශ්ය පහසුකම් සලසනු ඇත.
  • විදේශීය අනවසර ධීවර යාත්රා මඟින් සිදු කෙරෙන නීතිවිරෝධී ක්රියාවන් රාජ්යතාන්ත්රිකව විසඳීම හා ඒවා නිරීක්ෂණය පිණිස සන්නිවේදන හාතාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම සිදු කරනු ඇත.
  • ධීවර වරාය සහ නැංගුරම්තොටුපළවල් වැඩිදියුණු කිරීම සඳහා අවශ්යආයෝජන ලබා දීමට ප්රමුඛතාව ලබා  දෙනු ඇත.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න