නිෂ්පාදන සාධක වෙළෙඳපළ ප්‍රතිසංස්කරණය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

නිෂ්පාදන සාධක වෙළෙඳපළ ප්‍රතිසංස්කරණය

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමට සහ දේශීය හාවිදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ඉඩම්, ශ්‍රම සහ ප්‍රාග්ධන වෙ‍ෙළඳපළවල්මත පනවා ඇති සීමා ලිහිල් කිරීම මඟින්  නිෂ්පාදනසාධක වෙ‍ෙළඳපළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නෙමු.

ඉඩම් ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ ඉඩම් අයිතිවාසිකම්සුරක්ෂිත කිරීම අරමුණු කරගත් ජාතික ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මකකිරීමට අපේ රජය කැපවී සිටී. දැනට ක්‍රියාත්මක වන “බිම් සවිය” වැඩසටහන සම්පූර්ණ කරමින්ඩිජිටල් ඉඩම් ලේඛනයක් සෑදීම ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.

මානව ප්‍රාග්ධන සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමින්, අධ්‍යාපන ප්‍රතිඵල වැඩිදියුණු කිරීම, රැකියාවලටඅදාළ කුසලතා සංවර්ධනය කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිසඳහා ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු. තරඟකාරී ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනයේගුණාත්මකභාවය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම තීරණාත්මක වේ. ශ්‍රී ලංකාවේ ශ්‍රමබලකායට අනාගත රැකියා සඳහා අවශ්‍ය කුසලතා ඇති බවට වගබලා ගැනීම උදෙසා වූ වැඩසටහන් ක්‍රියාත්මකකෙරෙනු ඇත.

ප්‍රාග්ධනය ගලා ඒම වර්ධනය කරමින් දේශීය ප්‍රාග්ධනවෙ‍ෙළඳපළ ශක්තිමත් කිරීමට කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නෙමු. ආර්ථික වර්ධනයඋත්තේජනය කරමින් දැනට ක්‍රියාත්මක ආයෝජකයන් හට සහාය ලබාදෙනු පිණිස සෘජු විදේශආයෝජන (FDI) වැඩි කිරීමට ප්‍රධාන නීති ප්‍රතිසංස්කරණයකෙරෙනු ඇත.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න