මැණික් හා ස්වර්ණාභරණ අංශය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

මැණික් හා ස්වර්ණාභරණ අංශය

  • කැණීම් බලපත්‍ර පහසු කිරීම සඳහා කාර්යක්ෂම, වේගවත් සහ විනිවිද පෙනෙන පද්ධතියක් ස්ථාපිත කරයි.
  • කැණීම් ක්‍රියාකාරකම්වල නවීන තාක්ෂණය අත්පත් කරගැනීමට කුඩා පරිමාණ පතල් කරුවන්ට මූල්‍ය පහසුකම් සැපයීම.
  • සාධාරණ හා සමානාත්මතාවයකින් යුතුව කැණීම් සඳහා වැඩි බිම් ප්‍රමාණයක් විවෘත කිරීම.
  • ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින්සිදුකරනු ලබන කිසිදු මැදිහත්වීමකින් තොරව සිදුවන වඩාත් පහසු අපනයන ගලනයක් සහතිකකරනු පිණිස ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇත. සියලුම අපනයනකරුවන්ට තම රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීමට සහතායිලන්තය සහ හොංකොං හා සමානව තම කාර්යාලවලින් කෙලින්ම භාණ්ඩ අපනයනය කිරීමට රේගු මාර්ගගත වේදිකාවට සෘජු ප්‍රවේශයක් ලැබෙනු ඇත.
  • සියලුම ශ්‍රී ලාංකිකයන්ට සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමවේද හරහා කුරියර් සහතැපැල් සේවා භාවිතා කරමින් සුරක්ෂිත ඵලදායී හාඅපනයන යාන්ත්‍රණයන් හරහා ලෝකයේ අනෙකුත් රටවල් සමඟ මැණික් හාස්වර්ණාභරණ වෙළඳාමේ නිරත විය හැකි වනු ඇත.
  • කර්මාන්තයේ ආදායම් බදු තක්සේරුව පිරිවැටුම මතපදනම්ව සිදු කළ යුතුය. දැනට ශුද්ධ ලාභය මත අදාළ වන 30%  බදු අනුපාතය සංශෝධනය කිරීම පිළිබඳ සළකා බලනුලැබේ.
  • අගය එකතු කිරීම සහ ප්‍රති-අපනයනය සඳහා ශ්‍රීලංකාවට වැඩි වැඩියෙන් මැණික් ඉල්ලුම වර්ධනය  දිරිගන්වනු පිණිස මැණික් ආනයනය මත ක්‍රියාත්මකඑකතු කළ අගය මත බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද අහෝසි කිරීම පිළිබඳ සළකා බලනු ලැබේ. අතින් රැගෙන එන මැණික් පාර්සල් ආනයනයේදී පාර්සලයකටඇමරිකානු ඩොලර් 200 බැගින් වූ ගාස්තු ක්‍රමයනැවත ස්ථාපනය කිරීම පිළිබඳ සළකා බලනු ලැබේ.
  • විදේශ මුදල් සඳහා සිදුකරනු ලබන සියලුම මැණික් හා ස්වර්ණාභරණ විකිණීම් එකතුකළ අගය මත බද්දෙන් නිදහස් කරනු ලැබේ.
  • නීත්‍යනුකූල ස්වර්ණාභරණ නිෂ්පාදකයින් සම්බන්ධයෙන් ගත්කල ඔවුන්ගේ ඝන  රන් ආනයන සඳහා ගෙවීම් කෙලින්ම හෝ වක්‍රව සිදුකරනලද අපනයන කාර්යයක කොටසක් ලෙස උපයන ලද විදේශ මුදල් මගින් සිදු කරන විට එ් සඳහා තීරුබදු ඉවත් කිරීමට යෝජනා කරමු.
  • නිමි මැණික් හාස්වර්ණාභරණ සඳහා අගය එකතු කිරීමේ හාඅපනයන අවස්ථා ඉහළ නැංවෙන පරිදි මෙම අයිතම මතතීරු බදු ඉවත් කෙරෙනු ඇත.
  • ඒවා ප්රධාන වෙළඳ මධ්යස්ථානවලට වඩාත් ආසන්න කරමින් එම අංශයේ දක්ෂතාසංවර්ධනය සහතික කරනු පිණිස මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයසම්පූර්ණයෙන්ම ප්රතිව්යුහගත කෙරෙනු ඇත.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න