කර්මාන්ත අංශය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

කර්මාන්ත අංශය

  • මිල්ලෑව, මිල්ලනිය සහ බිංගිරිය අපනයන සැකසුම් කලාපවල කටයුතු කඩිනම් කර, ශ්‍රීලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල උපායමාර්ගිකව පිහිටි නවීනතම තාක්ෂණයෙන් යුත් නවකාර්මික කලාප 25 ක් ස්ථාපිත කරනු ඇත. සමබර ප්‍රාදේශීය සංවර්ධනය සහතික කරමින් සහ දිවයිනපුරා රැකියා අවස්ථා නිර්මාණය කිරීම මින් අරමුණු කෙරේ. මෙම සෑම කලාපයකටම නිෂ්පාදනකර්මාන්ත ශාලාවක් කඩිනම්න් ආරම්භ කරනු ඇත. කර්මාන්ත ක්‍රමයෙන් ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස 341ක්  දක්වා ව්‍යාප්ත වනු ඇත.
  • ශ්‍රීලංකාවේ ස්වාභාවික සම්පත් සහ තාක්ෂණික දක්ෂතා ප්‍රයෝජනයට ගනිමින් තිරසාර තාක්ෂණයේනායකත්වය සඳහා දිවයින පුරා 'හරිත තාක්ෂණ නවෝත්පාදන මධ්‍යස්ථාන(Green Tech Innovation Hub)' ජාලයක් නිර්මාණය කිරීම. මෙම මුලපිරීමමගින් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් ඉහළ නිපුණතා සහිත රැකියා නිර්මාණය කරන අතරම ගෝලීයවෙළඳපොළ සඳහා පරිසර හිතකාමී විසඳුම්වල පුරෝගාමියෙකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කරනු ඇත.
  • “මිලියනයක නව ව්‍යවසාය” ආරම්භයන් තහවුරුකිරීම සඳහා '18+ නව ව්‍යවසාය ව්‍යාපෘතිය' ක්‍රියාත්මකකරනු ඇත. මෙම ව්‍යාපෘතියට තරුණ ව්‍යවසායකයින් මෙන්ම විශේෂයෙන් නවඋපාධිධාරීන් ද ඇතුළත් වනු ඇති අතර ඔවුනට ව්‍යාපාර ආරම්භක ණය, උපදේශනය සහ අත්‍යාවශ්‍යමගපෙන්වීම  සමඟින් සවිබල ගැන්වෙනු ඇත.
  • නවකර්මාන්ත ලියාපදිංචි කිරීම සඳහා සරල කරන ලද 'බහුකාර්ය සේවා ස්ථාන'(One-Stop Shop) මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා එමගින් ව්‍යවසායකයින්ටඅවශ්‍ය සියලු රජයේ අනුමැතීන් එක ස්ථානයකින් ලබා ගනිමින් කාර්යක්ෂමව තම ව්‍යාපාර ලියාපදිංචිකිරීමට හැකියාව ලබාදීම සිදුකරනු ඇත. මෙම මුලපිරීම මගින් පරිපාලනමයබාධක සැලකිය යුතු ලෙස අවම කරනු ඇති අතර, නීති රීති ලිහිල්කර ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායන් ආරම්භ කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇත.
  • පරම්පරාගතනිෂ්පාදන දැනුම ඔවුන්ගේ සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස ආරක්ෂා කරන ශ්‍රී ලංකාවේ ගෘහ, ග්‍රාමීයසහ සම්ප්‍රදායික කර්මාන්ත සුවිශේෂී අංශයන්  ලෙස පිළිගැනේ. මෙම කර්මාන්තවලට තෝරාගත් වෙළඳපල තුළදියුණු වීමට ඉඩ සලසමින්,වැඩිදියුණු කළ පහසුකම්,වෙළඳපල ස්ථානගත කිරීමේ විශේෂඥතාව, පිරිවැය ඵලදායී නිෂ්පාදන උපායමාර්ග, ඇසුරුම්වැඩිදියුණු කිරීම් සහ ප්‍රාග්ධනය අත්පත් කර ගැනීම සඳහා මූල්‍ය ආධාර ලබාදීම වැනිඉලක්කගත සහය ලබා දෙන්නෙමු.
  • සමුපකාරමුලුමනින්ම නිර්-දේශපාලනීකරණය කෙරෙනු ඇති අතර නීති ප්‍රතිසංස්කරණ මගින් සමුපකාර බැංකුශක්තිමත් කර සමූපකාර ඉතිරි කිරීම් ආරක්ෂා කරනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ මෙන්ම දායකවිශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සහ තාක්‍ෂණික නවීකරණය තුළින් ශ්‍රී ලංකාවේ සමුපකාරක්ෂේත්‍රය පුනර්ජීවනය කරන්නෙමු. මෙම ක්‍රියාමාර්ග මඟින් බිම් මට්ටමේ තිරසාර ආර්ථිකවර්ධනයක් ඇති කිරීම හරහා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ව්‍යාපාරආකෘති විවිධාංගීකරණය කිරීම සහ සමුපකාර සහ ඔවුන්ගේ ප්‍රජාවන් සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභනිර්මාණය කිරීම අරමුණු කෙරේ.
  • ආර්ථිකයපුරා නවෝත්පාදන,වෙළඳ සන්නාම,බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වඩාත් හොඳින් ආරක්ෂා කිරීමසහ ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ නීති යාවත්කාලීනකිරීම සිදු කරනු ඇත.
  • අපගේ ආර්ථිකයට ඇඟලුම්ක්ෂේත්රය විසින් සිදු කරන ලද අගනා දායකත්වය අපි අගය කරමු. ඒ අනුව, සේවකයින් සහ කර්මාන්තයයන දෙ අන්ශයෙන්ම යහපැවැත්ම සුරක්ෂිත කිරීමඅරමුණු කරගත් විශේෂ ප්රඥප්තියක් සකස් කොට ක්රියාත්මක කරන්නෙමු. මෙම ප්රඥප්තිය, ගෝලීය නිෂ්පාදන වටිනාකම්දාමයේ ධාවක බලයක් ලෙස පුහුණු ශ්රමයේ වැදගත්කම අවධාරණය කරනු ඇත. මෙය සැලකිල්ලට ගනිමින්, සියලු පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන්ඇඟලුම් ක්ෂේත්රයේ සේවකයන්ට රක්ෂණ සහ ළමා සුරැකුම් පහසුකම් ලබා දීමට ද මැදිහත්වන්නෙමු.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න