ප්‍රවාහනය - මහාමාර්ග, නාවික සහ ගුවන

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ප්‍රවාහනය - මහාමාර්ග, නාවික සහ ගුවන

  • පරිසර හිතකාමී, නූතන බස්රථ, දුම්රිය විද්‍යුත්කරණය, සැහැල්ලුදුම්රිය පද්ධතිය සහ සුහුරු තාක්ෂණයෙන් බලගැන්වුන IntelligentTransport Systems (ITS) සමග බහුවිධ පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම.
  • මධ්‍යමඅධිවේගී මාර්ගයේ වැඩ කටයුතු ඉක්මනින් නිම කිරීමට වගබලා ගනු ඇත. කහතුඩුව සිට පැල්මඩුල්ලදක්වා රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අපගේප්‍රධාන ප්‍රවාහන ජාලයේ මූලික අංගයක් ලෙස සළකන බැවින්, එහි ඉදිකිරිම් කටයුතු අදියර පදනමින් සම්පූර්ණ කෙරෙනු ඇත. ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත.
  • වර්තමාන රජය විසින් නතර කරන ලද කැලණිවැලි දුම්රිය මාර්ගය ඇතුළු දුම්රිය නවීකරණව්‍යාපෘති කඩිනම් කෙරෙනු ඇත.
  • බහුමංතීරු නිදහස්  ප්‍රවාහන (Multi-LaneFree Flow - MLFF) පද්ධතියක් හඳුන්වා දීමෙන් අධිවේගී මාර්ගවල කාර්යක්ෂමතාවවැඩි දියුණු කිරීම.
  • කාර්යක්ෂමතාවවැඩි දියුණු කිරීම සහ තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා, ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) වෙනුවෙන් ඉලක්කගත වැඩසටහනක් දියත් කෙරෙනු ඇත.එමඟින් පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සමඟ තරඟකාරීව සේවා සැපයීමේ හැකියාව ලඟා කරගනු ඇත.
  • සංචාරකකර්මාන්තයට විශාල සහයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන පර්යන්තය කඩිනමින්නිම කිරීමට ප්‍රමුඛතාව දීම සහ රට තුළ පවතින දේශීය ගුවන් තොටුපළවල් සිවිල් ගුවන් තොටුපළවල්බවට පරිවර්තනය කිරීම.
  • ශ්රී ලංකාවේ අනන්ය උපායමාර්ගික පිහිටීම සැළකිල්ලටගනිමින්, වරායන් සංවර්ධනය කිරීම සඳහා සහභාගිත්වයලබාදෙන ලෙස පෞද්ගලික අංශයට ආරාධනා කරන්නෙමු.
Download Aviation Charter
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න