ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) අංශය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) අංශය

  • ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය මුහුණ පාසිටින තීරණාත්මක තත්ත්වය වටහා ගත් පළමු දේශපාලන පක්ෂය සමගි ජන බලවේගයයි. පාර්ලිමේන්තුවතුළ මෙන්ම ඉන් පිටතදී ද,මෙම අංශයේ වත්මන් තත්ත්වය පිළිබඳ නොකඩවා හඬ නැගුවෙමු. තවද, ක්ෂුද්‍ර, කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් හා ආසියානු සංවර්ධනබැංකුව (ADB), ලෝකබැංකුව (WB), යුරෝපාසංගමය (EU)සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වැනි ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර රැස්වීම්පවත්වමින් ඔවුන් වෙත සහාය හා ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ ශක්‍යතාවයන් විමසා බලනුපිණිස පහසුකම් සලසන්නෙමු.
  • සමගිජන බලවේගය පාර්ශ්වයෙන් එල්ල වූ පීඩනයට ප්‍රතිචාරීව, ක්ෂුද්‍ර, කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට යම් සහනයක් සලසමින් රජය විසින් 2024දෙසැම්බර් මස 15 වන දින දක්වා පරාටේ නීතිය බල ගැන්වීම අත්හිටුවන ලදි. අනාගත රජයක් යටතේමෙම අත්හිටවුම් කාලය සැළකිය යුතු කාල පරිච්ඡේදයකින් දීර්ඝ කරන්නෙමු.මෙයට අමතරව, සියලු රාජ්‍ය හාවාණිජ බැංකුවල විශේෂිත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණණය දෙපාර්තමේන්තු ස්ථාපනය කිරීම අනිවාර්ය කරන්නෙමු. මෙම දෙපාර්තමේන්තු විසින් එකින්එක සළකා බැලීමේ පදනමින් ඔවුන්ගේ ණය තත්ත්වයන් විශ්ලේෂණය කරනු ඇත. මහ බැංකුවේ මඟ පෙන්වීම්හරහා, ක්ෂුද්‍ර, කුඩාහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට තිරසර සහායක් ලබාදෙනු ලබන බවට වගබලා ගනිමින්අහිතකර බලපෑම්වලට ලක්ව ඇති ව්‍යාපාරයන් සඳහා සහන පොළී අනුපාතයන්සහිතව දැනට පවත්නා ණය, දීර්ඝ කාලීන ණය බවට පරිවර්තනය කිරීමට උපදෙස් නිකුත්කෙරෙනු ඇත.
  • ටුක්ටුක්: ත්‍රිරෝද රථ රියැදුරන්ගේ දෛනික පෙට්‍රල් පිරිවැය ඉතිරි කරමින් ත්‍රිරෝද රථවලදහන එන්ජින්, විදුලි එන්ජින් බවට පරිවර්තනය කිරීම සඳහා සහන පොළී ණයපහසුකමක් ලබාදෙන්නෙමු. මෙම ණය යෝජනා ක්‍රමය බැංකු පද්ධතිය හරහා පාලනය කෙරෙනු ඇත.
  • සමෘද්ධිමත් ලෙස වැඩි වර්ධනයවන අංශයක් නිර්මාණය කොට සැළකිය යුතු ව්යවසායකයන් සංඛ්යාවක් නිර්මාණය කිරීමේ අභිමතාර්ථයසාක්ෂාත් කරගනු පිණිස අදාළසියලු සාධක එ්කාබද්ධ කරමින්සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීම් හරහා ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණව්යාපාර පිළිබඳ ජාතිකප්රතිපත්තියක් ගොඩනගන්නෙමු.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න