ඉදිකිරීම් අංශය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ඉදිකිරීම් අංශය

  • සාධාරණසහ නවෝත්පාදනීය ඉදිකිරීම් කර්මාන්තයක් නිර්මාණය කරනු පිණිස‘Build SriLanka Fair ' වැඩසටහන දියත් කෙරෙනු ඇත. මෙම විස්තීර්ණ ප්‍රතිපත්තියමගින් කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරයන්අතර සාධාරණ තරඟකාරීත්වයක් සහතික කරමින් කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කිරීම  නැවත හඳුන්වා දෙනු ඇත. ගොඩනැගිලි තොරතුරු මාදිලිකරණය( BuildingInformation Modeling) වැනි දියුණු තාක්ෂණයන් යොදා ගැනීමෙහි‍ලා නායකත්වය ගනුපිණිස ඒ සඳහා පර්යේෂණ හා නවෝත්පාදන අංශයක් ද ස්ථාපනය කෙරෙනු ඇත. මෙම වෙනස්කම් මගින්ඉදිකිරීම් ක්ෂේත්‍රය  නවීකරණය කිරීමත්,කාර්යක්ෂම කිරීමත් අපේක්ෂා කරන අතර  දේශීයවනිෂ්පාදිත අමුද්‍රව්‍ය භාවිතා කිරීමට හැකි පරිසරයක් ද නිර්මාණය කරනු ඇත.
  • ආරවුල්විසඳීම විධිමත් කිරීම පිණිසත්,  ඉදිකිරීම් අංශයේනියාමන අනුකූලතාව වැඩි දියුණු කිරීම පිණිසත් 'Swift Build, Smart Resolve' වැඩසටහනක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙම වැඩසටහන මගින් ආරවුල් කාර්යක්ෂමව සමථයකට පත් කිරීම සඳහාඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ ස්ථාවර උපදේශක කමිටුවක් (SACCP) සහඉහළ වටිනාකමක් ඇති ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ ජාතිකමෙහෙයුම් කමිටුවක් (NCCP)හඳුන්වා දෙනු ඇත. එමඟින් සම්මත ලංසු ලේඛනවලට අනුකූල වීම,බලාත්මක කිරීම,එ්කරූපී බව සහතික කිරීම සහ ගැටුම් අවම කිරීම සඳහා ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධනඅධිකාරිය (CIDA) වෙතබලය ලබා දෙනු ඇත.
  • නවතාදමන ලද ව්‍යාපෘති උපායමාර්ගික සමාලෝචනයක් සහිතව නැවත ආරම්භ කිරීම පිරිවැය ඵලදායී විසඳුම්ලබාදෙනු ලබන බවට සහතික කරමින් සහ කොන්ත්‍රාත්කරුවන් සහ රජය මත තවදුරටත් මූල්‍ය බරපැටවීමකින් තොරව අත්‍යවශ්‍ය නොවන ව්‍යෘපෘති අවලංගු කිරීම හෝ ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරමින් මෙම අත්‍යාවශ්‍ය ව්‍යාපෘති නැවත ආරම්භ කරනු පිණිස අනාගත රජය විසින් අරමුදල්වෙන් කරනු ඇත.
  • ඉදිකිරිම්සේවා සහ නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය රජය විසින් අපනයන කර්මාන්තයක් වශයෙන්ඉදිකිරීම් අංශය ප්‍රවර්ධනය කිරීමේ කාර්යයට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. අන්තර් ජාතික වෙ‍‍ළෙඳාම්සහතිකකරණය (Cross-BorderGuarantees) සඳහා අවශ්‍ය පහසුකම්කරණය,රාජ්‍ය තාන්ත්‍රික සහාය ලබාදීම සහ අපනයන ප්‍රවර්ධනය ආරම්භ කිරීමමගින් මෙය ක්‍රියාත්මක කළ හැකිය.
  • සැපයුම්දාමය නවීකරණය කරමින් ඉදිකිරිම් යෙදවුම් නිෂ්පාදන දේශීයකරණය සිදු කරනු ඇත.
  • සමබිමක ක්‍රියාත්මක වීමේ අවකාශ සහතික කරමින් සාධාරණ තරඟකාරීත්වයක් සහ නියාමන බලගැන්වීමක්සඳහා අවකාශ විවර කරනු ඇත.
  • රඳවාගැනීමේ අරමුදල්වෙනුවට ඇපකර හෝ බැඳුම්කර ස්ථානගත කරමින් ගිවිසුම්ගත වැඩකටයුතු 60%කින් සම්පූර්ණ වූපසු රඳවාගත් මුදල්මුදා හැරීම සේවායෝජකයන් විසින් අනිවාර්යයෙන් සිදු කළ යුතු බවට රජය විසින් විධිවිධානපනවනු ඇත.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න