සංචාරක කර්මාන්තය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සංචාරක කර්මාන්තය

  • සමගි ජන බලවේගයවිසින් සකස් කර ඇති “ශ්‍රී ලංකාව සඳහා වූ සංචාරක ප්‍රතිපත්තිය:තිරසර හා සියල්ලන් අන්තර්ගත වර්ධනයක් සඳහා වූ සැලැස්මක්(Tourism Policy for Sri Lanka: A Blueprint for Sustainable and InclusiveGrowth)” ප්‍රතිපත්තියේ සඳහන් සවිස්තරාත්මක නිර්දේශ ක්‍රියාත්මක කරමින්ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය රටේ ප්‍රමුඛතම විදේශ විනිමයඉපයීමේ මාර්ගය බවට පත් කිරීම සඳහා පියවර ගැනීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ඇත.
  • වර්තමාන රජයවිසින් අත්සන් කර ඇති, දූෂිත “VFS වීසා ගිවිසුම”අවලංගු කරන අතර, විදේශීය සංචාරකයන් සඳහා පහසුවෙන් අඩු මුදලකට වීසා ලබා ගැනීම සඳහාඅවශ්ය නවීන පද්ධතියක් ගොඩනගනු ලැබේ. එසේම, ශ්රී ලංකාවේසිදු වූ විශාලතම දූෂණයන් අතර ප්රමුඛ වන එම ගණුදෙණුවට  වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන යනු ඇත.
  • රටවල් 100ක පුරවැසියන්ට පැමිණීමට පෙර ලබාගත යුතුවන වීසා බලපත්රයක් අවශ්ය නොවන පරිදිමාසයක කාලයක් දක්වා ශ්රී ලංකාවට පැමිණීමට හැකි වන පරිදි වීසා රහිතව දිවයිනටඇතුළුවීමේ වැඩසටහනක් රජය විසින් ක්රියාත්මක කරනු ඇත.
  • විදේශයන්හි ජීවත්වන ශ්රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින්ටරටට පහසුවෙන් පිවිසීමට පහසුකම් සැලසීම සඳහා විදේශගත ශ්රී ලාංකික පුරවැසියන්ගේ වැඩසටහන (Overseas Citizens of Sri Lanka Programme) ක්රියාත්මක කිරීම කඩිනම් කොට ඔවුන්ට ශ්රී ලංකාවේ නේවාසිකයන් වශයෙන් කටයුතුකිරීම පහසු කරන්නෙමු.
  • කොළඹ නගරය දකුණු ආසියාවේ අලංකාරම සහ ආයෝජකයන්ට හිතකර අගනුවරබවට පත් කරමින්, වසර පුරා සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට නායකත්වය සපයනුඇත. මෙම නාගරික පුනර්ජීවනය, සංචාරක වෙළෙඳපළ විවිධාංගීකරණය සමඟ සමගාමීව, නගරයකලාපීය ව්යාපාරික හා විනෝද කේන්ද්රස්ථානයක් ලෙස ස්ථානගත කරමින්, වසරපුරා සංචාරක කර්මාන්තයේ වර්ධනයට උත්තේජන සපයනු ඇත.
  • පරිසර හිතකාමීසංකල්පවලට මූලිකත්වය ලබා දෙමින්  ප්රාදේශීයසංචාරක ව්යාපාරය නැවත බල ගන්වන අතරම ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කරන්නාවූ තිරසරපිළිවෙත් සහතික කරමින් දිවියන් නැරඹීම විශේෂ කොටගත්ප්රමුඛ පෙළේ වනජීවී ගමනාන්තයක් ලෙස ද ශ්රී ලංකාවසංචාරක ක්ෂේත්රය තුල ප්රවර්ධනය කරනු ඇත.
  • භාෂා ප්රවීණතාවය සහ වෘත්තීයනිපුණතා සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරවමින් රාජ්ය-පෞද්ගලික අංශ හවුල්කාරිත්වයහරහා විධිමත් හා අවිධිමත් යන දෙඅංශයේම සංචාරක කර්මාන්තය සඳහා විස්තීර්ණ පුහුණු වැඩසටහන්ක්රියාත්මක කරයි.
Download Tourism Charter
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න