රාජ්‍ය අංශ කළමනාකරණය සහ ඩිජිටල්කරණය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

රාජ්‍ය අංශ කළමනාකරණය සහ ඩිජිටල්කරණය

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සමාජ සේවා කාර්යක්ෂම සහ සාධාරණ ලෙස පොදුවේආර්ථික සංවර්ධනය සහ සිවිල් ආරක්‍ෂාව සඳහා ඉතා වැදගත් වේ. මෙම සේවාවන් සැපයීමේවගකීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය සතුවේ. එහෙත් එය විවිධ සමාන්තර සේවාවන් අතර ඇතිගැටලු, නිසි ලෙස කළමනාකරණය නොවූ මානව සම්පත සහ අඩු වැටුප් හේතුකොට ගෙන පීඩාවටපත්ව ඇත.  රාජ්‍ය ප්‍රසම්පාදනයේ සිට සේවාසැපයීම දක්වා සියලු අංශයන්හි ක්‍රියාත්මක දුෂණය සහ වගවීමේ ගැටළු විසඳීමට දශකගණනාවක ප්‍රතිසංස්කරණ අපොහොසත් වී ඇත. ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ප්‍රධාන කාර්යසාධන දර්ශක හඳුන්වා දීම සහ ඩිජිටල්කරණය හරහා රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමටසැලසුම් කරන්නෙමු. දූෂණය අවම කරන අතරම කළමනාකරණය, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙමඟින්සිදුවනු ඇත.

රජය සතු ව්‍යාපාර පිළිබඳ මව්සමාගමක් ස්ථාපනය කිරීම රජය සතු ව්‍යාපාර  ප්‍රතිසංස්කරණයෙහිප්‍රධාන කොටසක් වේ. මෙම රජය සතු ව්‍යාපාර පිළිබඳ මව් සමාගම විසින් සිංගප්පූරුවේ ‘තමසෙක්මාදිලිය‘ට සමාන ව්‍යුහයක් යටතේ රජය සතු ව්‍යාපාර හිමිකාරිත්වය කළමනාකරණය සඳහා වූ මධ්‍යගත සහ ක්‍රමෝපායික රාමුවක්සම්පාදනය කරනු ඇත. ජාතික ආරක්ෂක අභිලාශයන් ජාත්‍යන්තර තරගකාරීත්වය සහ කාර්යක්ෂමතාවද සමඟින් තුලනය කරමින්, විවිධ පාර්ශ්වකරුවන්ගේ බහුවිධ අරමුණු මත පදනම්ව එක් එක් රජය සතු ව්‍යාපාරය ආශ්‍රිතවරජය විසින් පවත්වා ගනු ලබන කොටස් හිමිකාරීත්ව ප්‍රතිශතය තීරණය කෙරෙනු ඇත.

රාජ්ය අංශයේකාර්යක්ෂමතාව වර්ධනය කරනු පිණිස ඩිජිටල් සෞඛ්ය පොදු යටිතල පහසුකමක් ගොඩනැගීම

ඖෂධ ප්‍රසම්පාදනයේ සිට සියලු සෞඛ්‍ය සේවාවන් දක්වාඅධිතාක්ෂණික විසඳුම් සමඟින් සෞඛ්‍ය අංශය පරිවර්තනයකට ලක් කෙරෙනු ඇත. ගුණාත්මකභාවයසහ කාර්යක්ෂමතාව වර්ධනය කරනු පිණිස ලොව දියුණුතම සහ වේගවත්ම ගිලන් රථ සේවාවක්වශයෙන් ඇගයීමට ලක් වූ  ‘1990 සුව සැරිය‘ගිලන් රථ සේවය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමෙන් අප උගත්පාඩම් අනෙකුත් සෞඛ්‍ය සේවාවන් වෙත ද ආදර්ශ කොට ගනු ඇත.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න