කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධනය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

කෘෂිකාර්මික හා පශු සම්පත් සංවර්ධනය

  • පවතින ගොවි ණය කපා හැරීම මගින් ගොවීන්ගේ ණය බර සැහැල්ලු කිරීම සඳහා පියවර ගනුලැබේ. මීට අමතරව, ගොවීන්ට තම ගොවිතැන් කටයුතුසඳහා සහාය වීමට අත්යවශ්ය ණය පහසුකම් වෙත ප්රවේශය ඇති බව අපි සහතික කරන්නෙමු.
  • අපි පොහොර කිලෝග්‍රෑම් 50කමල්ලක් රුපියල් 5,000කටලබා දෙන්නෙමු. මෙය අපගේ ගොවීන්ට අඛණ්ඩව ලබා ගත හැකි බවට සහතික කරන්නෙමු.
  • ගොවීන් සූරාකෑමෙන් ආරක්ෂා කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම සඳහා වී නිෂ්පාදනයසඳහා ඉහළම සහතික මිලක් ලැබෙන බවට අපි සහතික කරන්නෙමු.
  • කෘෂි වගාවන් සඳහා අවශ්‍ය අධික අස්වැන්න ලබා දෙන බීජ, රෝපණද්‍රව්‍ය, පළිබෝධනාශක, මෙවලම් සහතාක්ෂණය යන සියල්ල සාධාරණ මිලකට අඛණ්ඩව සැපයීම අපි සහතික කරන්නෙමු. බීජ සුරක්ෂණය දඑහි ප්‍රධාන කොටසක් වනු ඇත.
  • “ගොවි ඥාන සේවා” කෘෂිතොරතුරු වෙ‍ෙළඳපළ ක්‍රමවේදය ස්ථාපනය කොට කෘෂි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක්ලබාගැනීමේ අවස්ථාව ගොවියාට ලබාදෙනු ලැබේ. මෙම වෙළෙඳපළ ක්‍රමවේදය ඔස්සේ කෘෂි නිෂ්පාදනඅලෙවි කිරීම සඳහා දෙස්-විදෙස් ගැණුම්කරුවන් සම්බන්ධ කර ඔවුන් සමඟ ඉදිරි වෙළෙඳ ගිවිසුම්(Forward Sales Contract) ඇති කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කරනු ලැබේ.
  • කෘෂිකාර්මික ප්‍රදේශවල ජංගම හා අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ඩිජිටල්පද්ධති භාවිතා කර ගොවීන්ට තාක්ෂණික උපදෙස් ලබාදීම හා මෙරට හා විදේශවල කෘෂි නිෂ්පාදනගැණුම්කරුවන් හා සෘජු සම්බන්ධතා ඇති කිරීම සිදු කරයි.  
  • ආහාර සුරක්ෂිතතාව සහතික කරනු පිණිස රජයේ කෘෂිකර්මය හා සම්බන්ධ සියලුආයතනයන් නවීකරණය කරනු ඇත.
  • අගය එක් කිරීම, භෝග විවිධාංගීකරණය,නවීන කෘෂි යෙදවුම් හඳුන්වා දීම සහ වෙළෙඳපළ පුළුල් කිරීම මගින් කෘෂිකර්මය සහසත්ත්ව පාලනය වැඩිදියුණු කිරීම. කෘෂිකාර්මික අපනයනයන් සඳහා බදු දිරිගැන්වීම් දලබාදෙනු ඇත.
  • කෘෂිකාර්මික හා වාණිජ භෝග ව්‍යාප්තිය සඳහා අවශ්‍ය “ඉඩම්පරිහරණ සැලසුම්” සකස්කිරීම.
  • කෘෂිකාර්මික ඉඩම්වල ඵලදායීතාව වර්ධනය කිරීමට ඉවහල් වන පරිදි ඉඩම්වල භාවිතය සීමාකරන්නා වූ යල්පැනගිය නීති සංශෝධනය කිරීම සඳහා ප්‍රමුඛතාව දෙනු ඇත.
  • විවිධ ප්‍රශ්න නිසා වගා නොකර අත්හැර දමා ඇති පාරම්පරික ඉඩම් හා කුඹුරු නැවතවගා කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් සලසනු ඇත.
  • වන සතුන් හේතුවෙන්  හානියට පත්වනවගාවන් සහ භෝග නිෂ්පාදන නිසා පීඩාවට පත් ගොවීන් සඳහා රක්ෂණ ක්‍රමයක් අප හඳුන්වාදෙනු ඇත.
  • ගොවියාට ස්ථාවර මිලක් ලබාදීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන ගබඩා කිරීම වෙනුවෙන්තෙතමනය සහ උෂ්ණත්වය පාලනය කිරීමේ පහසුකම් සහිත “ප්‍රභාෂ්වර”ශීතාගාර හා අනෙකුත් පහසුකම්, දිවයින පුරා තෝරා ගත් ස්ථානවල පිහිටුවීමටපියවර ගනු ඇත.
  • කිරි, බිත්තර හා මස් නිෂ්පාදන ඉහළ දැමීම හා මිල පාලනය සඳහා ගොවිපළවල්නවීන තාක්ෂණය අනුව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණිකසහාය හා ආධාර  ලබාදීම,හිඟයකින් තොරව සැපයුම සහතික කිරීමත්,සහතික මිල හරහා අත්‍යවශ්‍ය ආහාර අයිතම නිෂ්පාදනය දිරිමත් කිරීමත් සිදුකෙරෙනු ඇත.
  • බිංදු ජල සම්පාදනය, ආරක්ෂිත ගෘහ තුළ බෝග වගාව, හරිතාගාර,  ඩ්‍රෝන තාක්ෂණය,කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැනි නවීන ක්‍රම කෘෂිකර්මාන්තයට හඳුන්වාදීම සඳහා බදු දිරිගැන්වීම්සහ අනුබල ලබාදීම ට පියවර ගනුඇත.
  • දැරිය හැකි ණය පහසුකම් ප්‍රවේශ්‍යතා සහිතව සුළු හා  මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින්දිරිගැන්වීම සඳහා ක්‍රමවේදයක් සැකසීම ටකටයතු කරනු ඇත.
  • තේ, රබර්, පොල්, උක්, කුරුඳු සහ අනෙකුත් අපනයන කෘෂි භෝගයන් ප්‍රවර්ධනය කිරීම සඳහාඅවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය අඛණ්ඩව ලබාදීම ටකටයතු කරනු ඇත.
  • වී ගොවියා සූරාකමින් පාරිභෝගිකයාට අධික මිලකට සහල් විකුණන මහා පරිමාණ වී මෝල්මාෆියාව පාලනය කොට සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් සමග “ශක්තිසහල්” වැඩසටහන නැවත ක්‍රියාත්මක කරනු  ඇත.
  • අපි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන අභියෝග පිළිගනිමු. ඔවුන්ගේවත්මන් ගැටලු විසඳීම,ඔවුන්ගේ ඵලදායීතාව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ගේ දීර්ඝකාලීන සමෘද්ධිය සහතිකකිරීම සඳහා ඉලක්කගත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු.
  • කුරුඳු සහ ගම්මිරිස් ද ඇතුළත් කුළුබඩු සඳහා වූජාත්යන්තර අපනයන වෙළෙඳපළ පුළුල් කිරීමට පියවර ගනුඇති අතර, අගය එක් කළනිෂ්පාදන හඳුන්වා දෙමින්නිෂ්පාදනයන්හි ප්රමිතිය සහ ගුණාත්මකභාවය ද සහතික කරනු පිණිස අවශ්ය තාක්ෂණය ලබාදීමපිණිස ක්රියාමාර්ග ගනු ඇත. වගාවන් ව්යාප්ත කරමින් පර්යේෂණ, තාක්ෂණය සහ කළමනාකරණයසඳහා නවීන තාක්ෂණය හඳුන්වා දෙනු ඇත.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න