ඉඩම්, වාරිමාර්ග සහ ජල කළමණාකරණය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ඉඩම්, වාරිමාර්ග සහ ජල කළමණාකරණය

  • ඉඩම් උපයෝජනය ප්‍රශස්තකරණය කරමින් වෙළෙඳපළ මෙහෙයුම් කටයුතු විධිමත් කරනු පිණිසරජය විසින් විස්තීර්ණ ජාතික ඉඩම් බැංකුවක් ස්ථාපනය කරනු ඇත. ඉඩම් යනු ආර්ථික සංවර්ධනයේ හා වෙළෙඳපළ ගතිකයන්හිතීරණාත්මක සාධකයක් වන්නේ යන කරුණ පිළිගනිමින්, මෙම මූලාරම්භය මගින් ඉඩම් තොරතුරු මධ්‍යගතකරණය කරමින්, කාර්යක්ෂම ඉඩම් වෙන් කිරීමකට අවශ්‍ය පහසුකම්සලසමින්, තිරසර සංවර්ධනයට සහාය ලබාදෙනු ඇත.
  • රජයේ ඉඩම්වල පදිංචිව සිටින ඉඩම් අවසරපත්ලාභීන් වෙත වසර 5ක් ඇතුළත සින්නක්කරඔප්පු ලබාදීමට පියවර ගනු ඇත.
  • ජල මූලාශ්‍රයන් සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතියශක්තිමත් කරනු ලැබේ.
  • රජය විසින් රට අභ්යන්තරයේපවතින ජලාශයන්හි ධාරිතාව උපරිම මට්ටමකින් පවත්වාගෙන යෑම සඳහා අවශ්යකරන ආයෝජනයන් සිදු කරනුඇත. අවශ්ය ජල ඉල්ලුම සාක්ෂාත් කර ගැනීම සඳහා සියලුම කුඩා, මධ්යම සහ ප්රධාන වාරිමාර්ග යෝජනා ක්රම ප්රතිසංස්කරණය කර නඩත්තු කිරීමසහතික කරනු ඇත.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න